සිංහල යුනිකෝඩ් සඳහා...


Tuesday, November 23, 2010

රාජකීය විද්‍යාලය, කොළඹ

කොළඹ රාජකීය විද්‍යාලය, 1835 වර්ෂයේ ජනවාරි මස ආරම්භ කරන ලද කොළඹ රාජකීය පාසල ශ්‍රී ලංකාවේ පැරණිතම පාස‍ල ලෙසින් නම් දරයි. කොළඹ දිස්ත්‍රික්කයේ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ ජනාකීර්නත්වයෙන් සපිරුණු නගරයක් මධ්‍යයේ නමුත්, මනරම් නිස්කලංක ප්‍රදේශයක ස්ථාපිත කොළඹ රාජකීය විද්‍යාලය එක් ‍පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්. අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයටත් ආසන්නයෙන් ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත.

වර්තමානය වන විට ශ්‍රී ලංකා ප්‍රජාව වෙත සුවිශාල මෙහෙයක් අධ්‍යාපනික වශයෙන් ඉටුකරමින් සිටිනු ලබන ‍කොළඹ රාජකීය විද්‍යාලය මේ වන විශිෂ්ට පුරවැසියන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. අධ්‍යාපනයටද, ක්‍රීඩාවටද එකසේ සමබර ලෙසින් දස්කම් දක්වන සෑම අංශයෙන්ම අති දක්ෂ පුරවැසියන් නිර්මාණය කිරීම පාසලේ අරමුණයි.

අක්කර 34ක බිම් වපසරියක් තුළ පැතිරී ඇති මෙම විශිෂ්ට අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවර‍යාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත. (ප්‍රාථමික අංශයෙන් නියෝජ්‍ය විදුහල්පති ප්‍රධානාචාර්යා/ප්‍රධානාචාර්යවරිය ලෙසින් හැඳින්වේ). සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවට විදුසෙවන සපයන කොළඹ රාජකීය විද්‍යාලය තුළ නවීන අධ්‍යාපන ක්‍රමෝපායන් භාවිතා කරමින් තම සිසු දරුවන්ගේ නැණැස පාදමින් විශාල මෙහෙයක් ඉටුකරමින් සිටියි.

0 කමෙන්ටු:

Post a Comment

 
Free Host | lasik surgery new york