සිංහල යුනිකෝඩ් සඳහා...

Tuesday, November 23, 2010

ඩබ්. ඩී. අමරදේව

1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බර්ට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥකෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හදුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ "අමරදේව" නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීට භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලා කරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සදහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.

පිලිපීන රේමන් මැග්සේසේ සම්මානය(2001), ඉන්දියානු පද්ම ශ්රී සම්මානය සහ ශ්රී ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්රිතාන්ය්ස් එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.

ළමා කාලය සහ අධ්‍යාපනය

වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි.තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්ර වුණූ පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි.

අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනිඅමරදෙව, කුඩා කළ තම මවගේ ස්තොත්ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඩවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හතවන විත ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්යාගයක් වශයෙන් ඔහුට හිමිවේ. කෝරළවෙළ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙර යටතේ ස්වකීය මූලික අධ්යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සදහා අමරදෙවයන් හට ආරාධනා කරයි.අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.

ශ්‍රී සද්ධර්මෝධය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටුව විද්‍යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මෙ අතරදීය.එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ.මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙයි.

තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රිසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර  සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ෆර්නෑන්ඩෝ (ඩී.ටී. ෆර්නෑන්ඩෝ )මහතා සමග දැන හැදුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ෆර්නෑන්ඩෝ මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපන ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.

මෙකලදී "අශෝකමාලා" චිත්රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුව ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හදුන්වා දෙනු ලබයි.අමරදේවයන්ගේ ශක්‍යතාවන් හදුනා ගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි.. ඩී.ටී. ෆර්නෑන්ඩෝ පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කෝරළවෙළ පාසලේ සංගීට ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ෆර්නෑන්ඩෝ විසින් අමරදේවගේ දක්ෂතාවන් හදුනා ගනු ලබයි.අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්දයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්‍රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ෆර්නෑන්ඩෝ මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සදහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය.අශෝකමාලා චිත්‍රපටයේ පද රච්කයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ෆර්නෑන්ඩෝ මහතා වන අතර, ඔහු චිත්රපටයේ අධ්යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්රත්වය මේ සදහා පිටුවහලක් වෙයි.තම උසස් අධ්යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර භාත්ඛණ්ඩේ සංගීත අධ්යනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණිපසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ෆර්නෑන්ඩෝ මහතා මුණගැසෙන අතර එහිදී තමා සදහා පද්ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි.මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ෆර්නෑන්ඩෝ මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීටය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි.

. තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්රපටයක වැඩසදහා ඉන්දියාව බලා යයි."ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන් ,නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.

වෘත්තීමය

ඉන්දියාවේ ලක්නවු නුවර භාත්ඛණ්ඩේ අධ්යාපනායතනයේදී ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිත්ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්,ස්වකීය ප්රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්රාවක ගහණයක් වෙත සම්ප්රරේෂණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ.භාත්ඛණ්ඩේ අධ්යනායතන්යේදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි.අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්රයන් විසිනුයි.

මේ සමය වන විට ශ්රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්රී ලාංකේය අනන්යතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බදුන් දුන් තත්වයක් විය.මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි.


දකුණු ඉන්දියානු සහ ද්රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදෙවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්රී ලංකාවේ අසහාය පද්ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව,අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්රීය සිංහල පද්යයේ ස්වර විභේධනයන් පිළිබද වූ ඔහුගේ අනන්ය ප්රතිභාව ගවේෂණය කරන්න්ක් වී තිබේ.මේ වනවිට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ථ ජාතියක භාවමය ආත්මය ප්රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ.

කාව්යම නාට්ය(කරදිය, නළදමයන්ති ආදිය ), චිත්රපටි(රන් මුතු දූව , ගම්පෙරෙළිය, රන් සළු,දෙළොවක් අතරේ, ගැටවරයෝ,රැන ගිරවු, තුන්මං හංදිය ආදිය ), නෘර්ති (වෙස්සන්තර )ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය. අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව - දක්ෂ ගායන ශිල්පිණියෙකි, ප්‍රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනෙකු සිටිති.

සම්මාන

පිලිපීන රේමන් මැග්සෙසේ සම්මානය (2001)
ශ්‍රී  ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය නාමය
ශ්‍රී  ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති නාමය
ඉන්දියානු පද්ම ශ්‍රී  සම්මානය

චිත්‍රපටි ජීවිතය

රන් මුතුදූව සංගීත අධ්‍යක්ෂවරයා
අදට වැඩියෙන් හෙට හොදයි ගීත ගායනය
සිකුරු තරුව එක් ගීතයක් සහ පසුබිම් සංගීතය
ගම්පෙරළිය
ගැටවරයෝ
සාමා පසුබිම් සංගීතය
ළා දළු
සාරවිට
ආදරයයි කරුණාවයි
දෙලොවක් අතරේ
වෙස්තුරු සිරිත

අනගාරික ධර්මපාල තුමා

උපත :- 17 සැප්තැම්බර් 1864,කොළඹ, ලංකාව
මරණය :- 29 අප්‍රේල් 1933 (වයස 78),ඉන්දියාව
ජාතිකත්වය :- ශ්‍රී ලාංකික
වෙනත් නම් :- දොන් ඩේවිඩ් හේවාවිතාරණ
අධ්‍යාපනය :- කොළඹ ඇකඩමිය[කොළඹ රාජකීය විද්‍යාලය]
ප්‍රසිද්ධියට හේතුව :- ශ්‍රී ලාංකීය නිදහස් ව්‍යාපාරය,බුද්ධාගමෙහි පුනර්ජීවනය


අනගාරික ධර්මපලාතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අප්‍රේල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කල ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඉන්දියාවෙ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිද වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. මෑත කාලය තුල ධර්මය ආසියාව, උතුරු ඇමරිකාව හා යුරෝපය නම් මහද්වීප තුනේ දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ.


ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ ප‍්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.

ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය දෙදරුම් කතු යුගයක පන්සල, පිරිවෙන, භික්‍ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශපෙ‍්‍රමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්‍යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපෙ‍්‍ර්මී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.

කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්‍රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප‍්‍රකට ශ්‍රේෂ්ට නායකයා වූයේ ය.

සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.

පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය.

වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමය.

ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ය.
මෑත කාලය තුල පලමු අනගාරික (මුළු කාලයම බුදුදහම වෙනුවෙන් කැපකල) වන්නේ ඔහුය. ඔහුට අවුරුදු 8 වන විට බ්‍රහ්මචාරීව සිටිමට දිවුරූ ඔහු ජීවිත කාලය පුරා එලෙස සිටියේය. ඔහු තම හිස මුඩු නොකල අතර කහ පැහැති සාම්ප්‍රදායික භික්ෂුන් නොඅදින සිවුරක් අදින ලදී. විනය නීති සියල්ල පිළිපැදිම ලොව වටා ධර්මචාරිකා කිරිමට උපකාරීවන බව ඔහු විශ්වාස කලේය.

තරුණ ධර්මපාලතුමා ඕල්කට් මැතිතුමා (1875 නිව්යෝක් නගරයේ පරමවිඥනාර්ථ සමිතියේ සභාපති) ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කලේය. 1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර අනගාරික ධර්මපාල තුමා රහත් ඵලයට පත්විය. එම පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප්‍රතිමාවකට පරිණාමනය කර තිබිමත් යන කරුණු වලින් ඔහු කම්පාවට පත්වූ අතර එයට එරෙහිව උද‍්ඝෝෂණයක් ඇති කලේය.

1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටවු ඔහු එහි ප්‍රාථමික අපේක්ෂාව ලෙස බුද්ධගයාවේ මහාබෝධි පන්සල බෞද්ධ ආගමිකයින් යටතට ගැනීම නම්කලේය. හින්දු ජූජකයන් සමග නීතිමාර්ගයෙන් දැඩි සටනක් දියත් කිරීමෙන් අනතුරුව 1949 දී මහාබෝධි සමිතිය යටතට මහාබෝධි පන්සල ගන්නා ලදි.

ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය.

1893 දී ධර්මපාල තුමාට චිකාගෝ නුවර පැවති ලෝක ආගම් පිළිබද පාර්ලිමේන්තුවට නියෝජනය කිරීමට ආරාධනා ලැබිණ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු ප්‍රසිද්ධ බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ඔහු විසින් ඉදිකල වැදගත්ම පන්සලක් වන්නේ බුදුරජාණන් වහන්සේ පලමු දම් දෙසූ ස්ථානයේ ඉදිකල සාරානාත් පන්සලයි. 1933 දී සාරානාත් හි පැවිදි වූ ඔහු දෙසැම්බර් මාසයේදී අපවත් විය.
බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග‍්‍රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.

1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධ ගයාමහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්‍යන්තර උත්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. 1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වලට බාධාවක් විය.

1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත‍්‍රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප‍්‍රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි‍්‍රයා කළේ ය. 1933 අපෙ‍්‍ර්ල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.

කල්කටාවේ අග‍්‍රවිනිශ්චකාර ශ්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප‍්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප‍්‍රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.

සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. “රහමෙර පානය කරන්න එපා ගෙරි මස් කන්න එපා” කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා “ගොන්තඩියා, වල් බූරුවා” වැනි ආමන්ත‍්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක‍්‍රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය දේශීය කර්මාන්ත ව්‍යාපාර ගැන පැවසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුව සඳහා සිංහලයන් ජපානයට පිටත් කරලීය. පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරැඹීමට එතුමා මුල් විය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය.

එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.

මුත්තයියා මුරලිදරන්

මුත්තයියා මුරලිදරන් ඉන්දීය සම්භවයක් ඇති ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙකි. ඔහුගේ පිය පාර්ශවයේ මුත්තා වූ පෙරියසාමි සින්නසාමි 1920 දී දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ මධ්‍ය කඳුකරයේ තේ වතු වල වැඩ කිරීම පිණිසයි. ඔහු පසුව ඔහුගේ දූවරුන් සමග ඉන්දියාවේ තිරුචිරපල්ලි හි පදිංචි වීම සඳහා එහි ගිය නමුත් මුරලිදරන්ගේ පියාද ඇතුලත් ඔහුගේ පුත්තු ශ්‍රී ලංකාවේ නතර වූහ.

මුරලිදරන් මහනුවර අසල, කුන්ඩසාලේ නත්තරංපොත දී ලක්ෂ්මි සහ සින්නසාමි මුත්තයියා මව් පියනට දාව උපත ලත් අතර, දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ඔහු විය. මුත්තයියාගේ පියා වූ සින්නසාමි මුත්තයියා සාර්ථක විස්කෝතු නිෂ්පාදන ව්‍යපාරයක් පවත්වාගෙන යන්නේය.

ඔහුගේ වයස අවුරුදු 9 ක් වන විට ඔහු මහනුවර සෙන්ට් ඇන්තනී විදුහලට යවනු ලැබුවේය. මෙම පාසල පෞද්ගලික එකක් වූ අතර බෙනඩික් පූජකවරු විසින් පාලනය කරන ලද්දේය. ඔහු තම ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මද වේග පන්දු යවන්නෙකු වශයෙනි. එහෙත් පසුව ඔහුගේ පුහුණුකරු වූ සුනිල් ප්‍රනාන්දු ගේ උපදෙස් මත වයස දාහතරේදි පිට දඟ පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කිරීම ඇරඹුවේය. එම දින වල ඔහු තුන්ඉරියව්වේම ක්‍රීඩා කරන්නෙකු ලෙස ක්‍රීඩා කළ අතර මැද පෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දුන්නේය. සෙන්ට් ඇන්තනි විදුහලේ ඔහුගේ අවසාන වාර දෙකේදි විකට්ටු සියයක් ලබා ගත් අතර 1990/1 වසරේ ‘බාටා පාසැල් ක්‍රිකට් ශූරයා’ සම්මානය ලබා ගත්තේය.

පාසැලෙන් නික්මුණු පසු ඔහු ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට සහ ඇත්ලටික් ක්‍රීඩා සමාජයට බැඳුනේය. 1991 වසරේ ශ්‍රී ලංකා A කණ්ඩායමට තෝරා ගනු ලැබ එංගලන්ත චාරිකාවකට සහභාගි වූයේය. ඔහු තරඟ පහකට ක්‍රීඩා කළ නමුත් එක විකට්ටුවක් හෝ ලබා ගැනීමට අපොහොසත් විය. ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු ඇලන් බෝර්ඩර්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පුහුණු තරඟයට යෙදවු අතර ඉන් පසු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති ඔහුගේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගි විය. ඒ දෙවැනි ටෙස්ට් තරඟය සඳහාය.

ඔහුගේ මුත්තා අවුරුදු 104 ක් ආයු වළඳා 2004 වර්ෂයේ ඉන්දියාවේදී මිය ගියේය. ඔහුගේ අවසාන කටයුතු වලට සහභාගි වූ මුරලිදරන් පෙරළා ලංකාවට පැමිණියේය. ඔහුගේ සීයා වූ පෙරියසාමි සින්නසාමි තම මුනුබුරා වැඩිම ටෙස්ට් විකට් සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා යන ලෝක වාර්තාව ලබනු දැකීමේ ආශාවෙන් පසු විය. එම වරම ඔහුට හිමි වූ නමුදු මුනුබුරා විවාහ වනු දැකීමට මුත්තා ජීවත් නොවීය. මුරලිදරන්ගේ කළමණාකාර වූ කුෂිල් ගුණසේකර “මුරලිගේ පවුල හොඳින් සැකසුනු එකමුතු කමෙන් යුක්ත පවුලකි” යයි කීවේය. ඔවුහු පරම්පරාගත වටිනාකම් සහ සාරධර්ම වලට ගරු කළහ. මිය ගිය මුත්තා මුරලි සමග මනා සබඳතාවයක් පැවැත්වීය.

මුරලිදරන් 2005 මාර්තු 21 වෙනි දින ඉන්දියානු ජාතික මදිමලර් රාමමුර්ති සමග විවාහ වූයේය. ඇය මලර් ආරෝග්‍යශාලාවේ වෛද්‍ය S.රාමමුර්තිගේ දියණියයි. ඔහුගේ බිරිඳ වෛද්‍ය නිත්‍යා රාම මුර්ති වූවාය. ඔවුන්ගේ පළමු දරුවා නරේන් උපත ලද්දේ 2006 ජනවාරි මාසයේදිය.

මුත්තයියාගේ ක්‍රීඩා විලාශය පිළිබඳව වාචිකව විවේචන එල්ල කල දෙදෙනා වූයේ පෙරදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් වූ ඕස්ට්‍රේලියාවේ ඩීන් ජෝන්ස් සහ පෙරදී ඉන්දීය නායක බිෂං බේඩිවෙති.

කලින් සිටි බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වූ මයිකල් හෝල්ඩිංග්ස් ද මුරලිදරන් විවේචනය කළේය. එහෙත් පසුව පවත්වන ලද පරීක්ෂණ වලින් හෙළි වූ කරුණු වලින් අනතුරුව ඔහු තම විවේචන ඉල්ලා අස් කර ගත්තේය. හෝල්ඩින් සහ බේඩි දෙදෙනාම මුරලිගේ පන්දු යැවීමේ ඉරියව් ‘හෙල්ල විසි කිරීමේ’ (Javelin Throw) ක්‍රමයට සමාන බව කීහ. ICC යේ අධ්‍යයන වාර්තාවෙන් පසු කමිටු සාමාජිකයෙකු වශයෙන් හෝල්ඩින් මෙසේ කීවේය. “විද්‍යාත්මක සාක්ෂි සියල්ල වෙනස් කරනවා. පියවි ඇසට සාමාන්‍ය ලෙස පන්දු යවන්නෙක් ලෙස පෙනෙන්නෙක් පවා අංශක 11 හෝ ඇතැම් විට 12 ක් පමණ අත නවන බව තාක්ෂණයට පෙනී යනවා. මෙම ක්‍රීඩකයින් නීති රීති උල්ලංඝණය කරති. ක්‍රීඩාව මෙම යථාර්ථය. සමග කටයුතු කළ යුතුයි”.

2002 මැයි මාසයේ ඇඩම් ගිල්ක්‍රිස්ට් කාල්ටන් පාපන්දු ක්ලබ් හි දිවා භෝජන සංග්‍රයකදි මුරලිදරන්ගේ ක්‍රීඩා ඉරියව් ක්‍රිකට් නීති සමග නොගැලපෙන බව කීවේය. ගිල්ක්‍රිස්ට්ගේ ප්‍රකාශයක් උපුටා දක්වන Age පුවත්පත “ඔව් මම හිතනවා ඔහු ‘චක්’ කරනවා කියා.... මම එසේ කියන්නේ ඔහු ක්‍රීඩාවේ නීති කියවන්නේ නම් කිසි සැකයක් නෑ මගේ හිතේ ඔහු සහ තවත් බොහෝ ක්‍රීඩකයින් ක්‍රීකට් ඉතිහාසයේ පුරා චක් කර තිබේ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන් කර ඇත. 1996 සහ 1999 වර්ෂ දෙකේදිම ICC ය විසින් මුරලිදරන්ගේ ඉරියව් නිවැරදි බව ප්‍රකාශ කර තිබියදි ඒ බව නොසලකා ඉහත සඳහන් ප්‍රකාශයන් කරන ලද්දේ ‘දුස්රා’ පන්දුව පිළිබඳ විවාදාත්මක සිද්ධි වලට පෙරදීය. මෙවැනි ප්‍රකාශයක් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රීති උල්ලංඝණය කරන ලදැයි එම මණ්ඩලය ග්‍රිල්ක්‍රිස්ට් ට තර්ජනය කර ඔහු එවැනි අනර්ථකාරි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් වැරදි කරුවෙකු කළේය.

2006 වසරේ නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදි මුරලිදරන් ගේ තවත් විවේචකයෙකු වූ නවසීලන්ත පිලේ හිටපු නායකයෙකු හා ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ මාටින් ක්‍රෝ මුරලිදරන්ගේ දුස්රා පන්දුව ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු බවට ඉල්ලා සිටි අතර ක්‍රීඩා තරඟ වාරයකදි ඔහුගේ ඉරියව් ඉතා නරක අතට හැරුනු බව පෙනි ගියේ යයිද කීවේය. එම වසරේ මුලදි ලෝර්ඩ්ස් හි දි කව්ඩ්රි දේශනය පවත්වමින් මුත්තයියා මුරලිදරන් ‘චකර්’ කෙනෙකු බව කීවේය. ක්‍රෝ ගේ මෙම ප්‍රකාශ වලට ප්‍රතිචාර දක්වමින් ICC යේ සාමාන්‍යාධිකාරී වූ ඩේවිඩ් රිචඩ්සන්, මහාචාර්ය බෲස් එලියට් ආචාර්ය පෝල් හැරිසන් සහ මාක් පෝර්ටුස්විත් යනාදින්ගේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කළේය. “නරක අන්දමින් පන්දු යවන්නන් ලෙස නොදැක්වෙන ඇතැම් ක්‍රීඩකයින් පන්දු යැවීමේදි වැරදි ලෙස පෙනී යන ඉරියව් ප්‍රදර්ශනය කරන බවත්, ස්ථිර වශයෙන් නැමුනු වැල මිට සහිතව පන්දු යවන බවත්, නීතියේ දැඩි අර්ථකතනයන් යටතේ ඔවුන් නීති කඩන්නන් ලෙස පෙනෙන්නේය. එහෙත් එසේ බැලුවොත් නිවැරදිව පන්දු යවන එකද ක්‍රීඩකයෙකු ඉතිරි වන්නේ නැත”. ඉහත ප්‍රකාශය ඩේවිඩ් රිචඩ්සන් විසින් ඉදිරිපත් කළේය.

මාර්ටින් වික්‍රමසිංහ

උපත  :- 1890 මැයි 29 වන දින
මරණය :- 1976 ජූලි 23වන දින,නාවල
මරණයට හේතුව :- රෝගී තත්ත්වයක්
ජාතිකත්වය :- ශ්‍රී ලාංකික
වෘත්තිය :- නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
දෙමව්පියන් :- ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි

මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 - 1976 ජූලි 23) වැදගත් ශ්‍රී ලාංකික නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා ලෙස සැලකෙන වික්‍රමසිංහ, දකුණු ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයෙහි දී උපත ලැබී ය. ඔහු 'කොග්ගල ප්‍රාඥයා' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබයි.

මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 වන දින ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යුවලගේ එකම දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්කින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතුගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය. මුහුද කුඩා දුපත්වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් මගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.

මුල් කාලය

වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සල් හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂරද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසැලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසැලට ඇතුළත් කරනු ලැබූ අතර එහිදී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.

නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා

වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා(1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1946) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.

1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාවද ඉටුකළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරලිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.

වික්‍රමසිංහ විසින් පසුව රචනා කළ යුගාන්තය (1948) සහ කලියුගය (1957) සහ ගම්පෙරලිය විසින් තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිලිවෙළක් පිලිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.

50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාර (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1965 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම තුල සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටලූ සහගත තත්වය ඉන් නිරූපිතය. මෙහිදී කාලානුක්‍රමික පිලිවෙළකට නොව ප්‍රති-වීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනාවී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක්ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලටම ඉහලින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.

මළල ක්‍රීඩා ඉතිහාසය

ක්‍රි. පූ. 776 පැවති පළමු ඔලිම්‍පික් ක්‍රීඩා උළෙලේ එකම මළල ක්‍රීඩා අංශය වූයේ ධාවන පථයක දිවෙන ඇවිදීමේ තරඟයයි. නැතහොත් “ස්ටේඩ්” දිවීමේ තරඟයයි.

ශාස්ත්‍රීය යුගය තුළ යුරෝපයේ වෙනත් ක්‍රීඩා අංශයන් පැවතුණි.

පැන්හෙල්ලෙනික් ක්‍රීඩා
පයිතියාන් ක්‍රීඩා (ආරම්‍භය ක්‍රි. පූ. 527 ) අවුරුදු 04 කට වරක් “ඩෙල්පි” හිදී පැවැත්වුණි.
“නෙමීයන්” ක්‍රීඩා (ආරම්‍භය ක්‍රි. පූ. 516) අවුරුදු 02 කට වරක් ආර්ගෝලිඩ් හිදී පැවැත්වුණි.
ඉස්තමියන් ක්‍රීඩා ( ආරම්‍භය ක්‍රි. පූ. 523) අවුරුදු 02 කට වරක් කෝයින්ත් හිදී පැවත්වුණි.

රෝමන් ක්‍රීඩා

රෝම එම්රුස්කන් ජාතිකයන්ගේ ක්‍රීඩා කෞශල්‍යය නැගී සිටීම ශ්‍රීක මුලාරම්‍භයට වඩා කැපී පෙනුණි.

ගොක් ටියුටන් හා සෙල්ට්‍ස් යන ජාතිකයෝ රෝම ජාතිකයින්ට වඩා ඉසව්‍ සඳහා සතුටින් සහභාගි වූහ. කෙසේ වුවත් මෙම තරඟ ප්‍රතිවාදී පුහුණු තරඟ ලෙස සැලකුණි. මධ්‍යකාලීන යුගයේදී රදලයන්ගේ පුතුන් අශ්වයන් පැදීම අශ්වයන් හා පොර බැදීම ආයුධ පුහුණුවට අමතරව දිවීමේ තරඟ බර ඉසිලී‍ම පැනීම සහ මල්ලව පොර යන තරඟ ඉසව්‍ පුහුණු කරවන ලදී. නිළ හා නිළ නොවන ක්‍රීඩාගාරයන්හි දී මෙම තරඟ මිතුරු හා ප්‍රතිවාදී තරඟ යන ලක්ෂණ දෙකෙන්ම පවත්වනු ලැබීය.

19 වන ශතවර්ෂය වන විට සංවිධානයේ විධිමත් බවක් ඇති විය. එය පාසල් පද්ධතියට විධිමත් ක්‍රීඩා හා ව්‍යායාම්‍ එක්කිරීමෙන් සිදු කෙරුණි. මෙවැනි විධිමත් ක්‍රීඩා පද්ධතියක් ක්‍රියාත්මක කළ පාසල් අතර සැන්ඩ්‍හර්ස්හි Royal Military College මුල් තැන ගනී. ඒ 1812 සිට 1825 දක්වා වර්තාගත ප්‍රථම ( රැස්වීම) සංවිධානය කරනු ලැබු‍ෙව් රෝයල් Shrewsbury School Hunt විසින් ෂ්‍රොප්ස්යර්හි පුෂ්බරි ( Shrews bury) හිදී ය. මෙම රැස්වීම පිළිබඳ විස්තර දැක්වෙන ලිපිපෙළක් ඉන් වසර 60 කට පසු C.T. රොබින්සන් විසින් පල කෙරුණි. ඔහු 1838 සිට 1841 දක්වා ඔහු එම පාසලේ සිසුවෙකු විය. 1849 දී “ The Royal Military Academy” විසින් තරඟයක් සංවිධානය කරනු ලැබූ අතර ඒ පිළිබඳ විධිමත් රැස්වීම්‍ මාලාව පවත්වනු ලැබු‍ෙව්‍ 1850 දී ඔක්ස්පර්ඩ්‍ හි “Exeter College” විසිනි. වර්තමාන මළල ක්‍රීඩා අංග වලදී සියලු ධාවන තරඟ සිදු කළ හැකි මීටර් 400 ධාවන පථයක් යොදා ගන්නා අතර පිටියේ තරඟ බොහෝ විට පවත්වනුයේ ඇතුළු පිටියේ නැතහොත් ඇතුළු ධාවන පථයේය.

1896 දී පැවති ප්‍රථම ඔලිම්‍පික් ක්‍රීඩා සඳහා ද මළල ක්‍රීඩා ඇතුළත් කෙරුණි. කාන්තා ඉසව්‍ සඳහා ප්‍රථමවරට අවසරය ලැබුණේ 1928 දීය.

1912 දී අන්තර් ජාතික පරිපාලන ආයතනක් පිහිටුවිණි. එය IAAF ලෙස හැඳින්වුණු අතර 1983 එම ආයතනය විසින් බාහිර ලෝක ශූරතා තරඟ ආරම්‍භ කෙරුණි. එසේම ප්‍රාදේශීය ක්‍රීඩා තරඟ ද පෑන් ඒෂියන් ක්‍රීඩා තරඟ පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා තරඟ සේම වෘත්තීමය ගෝල්ඩන් ලීග් තරඟාවලිය IAAF ලෝක ශූරතා අවසන් මළල ක්‍රීඩා තරඟ, ලෝක ගෘහස්ථ ශූරතා තරඟාවලිය යනාදීය මේ අතර වේ. ඹලිම්පික් ශූරතා තරඟාවලියේ දී ක්‍රීඩාව ඉතා උණුසුම්‍ වන අතර එය වෙනත් මට්‍ටමකදී අඩු උනන්දුවක් දක්වයි.

1970 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩාව වෘත්තීය මට්‍ටම දක්වා නැංවී‍ෙම්‍ පරිපාලනමය කටයුතු සිදු කරනු ලැබු‍ෙව්‍ Amateur Athletic Union- (AAU) ආයතනය වන අතර The Athletic Congress ( TAC) සහ ආයතනය මෑතකදී පිහිටුවීය.USA Track and filed හෝ ( USA T&F) ලෙස නැවත නම්‍ කෙරුණි.

එලෙසම මාර්ග ධාවන තරඟ සංවිධානය සඳහා Road Runners Club of America ( RRCA) පිහිටුවන ලදී.

නූතනයේ දී කලින් පැවතුනා වූ ආධුනිකත්වයට විරාමය තබමින් මළල ක්‍රීඩකයන්හට දිවීමේ තරඟවලින් මුදල් ලබා ගත හැකිව ඇත.

විශ්ව විසිරි වියමන

වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් වෙබ්) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම‍ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන Hypertext Documents යනුවෙන් හැදින්වෙන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට Hyperlink යනුවෙන් හැදින්වෙන අක්ෂර විහේෂයක් භාවිතා කරනු ලැබේ. මෙම සැම ලේඛනයකට ඵයටම අනන්‍යවූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රව්සර්ය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්‍ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරනයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.

ඉතිහාසය

CERN ආයතනයේදි Berners-lee විසින් භාවිතා කරන ලද මෙම Nectcube CERn උපකරඑණ ප්රථම වෙබ් සර්වරය බවට පත් විය.

වෙබය සදහා මුලික වශයෙන් පදනම් වු අදහස් වර්ෂ 1980 දී ස්විස්ටර්ලන්තයේ CERn හිදි Tim Berners- lee විසින් ENQUIRB (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire withimn upon Everything නමැති පොතට යොමුවුක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකම ලෙම අදහස වර්තමානයේ භාවිතා වන ක්රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුවන ද හර අදහස් බොහෝදුරට එක හා සමන විය. (ඉනුදු සමහරක් අදහස් Breners-lee ගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹෂි අර්ථ විචාරණ (semantic) බෙව ව්යාපෘතියේ ඒවා විය.

මින් අනනතුරැව 1989 දී Tim Berners- Lee EBNQUIS සදහා ද යොමුවක් සහිතව කෙතාරතුරැ කළමණාකරණ ක්රමවේදයන් පිළිබදව වඩාත් විස්තරාත්මක යෝජනා පත්රයක් ලියවිය. එතෙකින් නොනැවතුණු ඔහු Robet caillian ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 දා වඩා ක්‍රමානුකල යෝජනා පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භුමිකාව සපයන ලද්දේ EBT හි (Electrocin Book Technology, brown විශ්ව විද්‍යාලයේ Institiuyte for Research in Information and Scholarchip ආයතනය පමණි) CERx ආයතනයෙන් වරපත් කරනු ලැබු Dyantexxt කියවනය මගිනි. කෙසේ වුවත් Hytime ක්රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (Hytime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධය (Hypermedia) දක්වා විස්තිරණය කිරිමේ ප්රධාන කොටස්කරැවෙකි.) ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරිමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්යා ප්රජාව හා සබැදි කටයුතු (HEP) සදහාය. මෙහි එන එක් එක් ලේඛනියකට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලපක් අය කරන ලදි.

Time Berners-Lee විසින් nEXTcube උපකරණය ලොව ප්රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම එය 1990 දී පලමු වෙබ් බ්රවුසරය වන world wild ලිවිම සදහා ද භාවිතා කෙරිණි. 199-0 අග භාගය වන විට berners Lee ක්රියානකාරි වෙබයක් සදහා අවැසි සියලුම උපකරණ නිවසා තිබිණි. පලුමු වෙබ් බ්රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය) පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්යෘපාෘතිය පිළිබද සියලු විස්තර දරයි.

1991 අගෝස් 6 දා ඔහු alt.hyoertext පුවත් කණ්ඩායම වෙනුවෙන් විශ්ව විසිරි වියමන පිලිබදව සම්පින්ඩයනක් ඉදිරිපත් කලේය. යුරෝපයෙන් පරිාබාහිර ප්රථම සේවාදායකය 1991 දෙැස්ම්බරය්දි SLAC හිදි නිමවන ලදි.

Hypertext හි ආරම්භයට හේතු පාදක වු තිරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දි විශ්ව විද්යාලයේ hypertext system ආදි පැරනි ව්යාපෘති සමගය. මේ අතර Ted Nelson හා Andres van dan.. Ted Nelson ගේ project xanadu හා douglas Wngelbart ගේ on line sysytem ((NLS) විය. nelson සහ Engelbart යන දෙදෙනාම පිලිවෙලින් Vannevar Bushගේ ක්ෂ්දු සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මගින් පෙළඹවිමට පලක්විනි. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මගින් විස්තර කෙරි ඇත.

Berners-Leeගේ සුවිශේෂිත වු සොයා ගැනිම වන අධිපෙළ අන්තර්ජාලය සමග සමිපව සම්බනධ කරවීමයි. Weaving the web නම් වු ඔහුගේ ග්රන්ථයෙහි ඔහු පැහැදිලි කරන්නේ එහු විසින් පුන පුනා යෝජනා කරන ල අදහසක් වන ඉහත සදහන් තාක්ෂණ ක්රමවේද 2 අතර සමිප සම්බන්ධතාවක් ගොඩනැගිමේ හැකියාව ඉතා පහසුවෙන් පවතනේ ඒවායේ තාක්ෂණඛික ප්රජාවට බවය. නමුත් ඉන් කිසිවකතු ඔහුගේ ආරාධනය පිළිගැනිමට ඉදිරිපත් නොවු කල එම දුෂ්කර කටයුත්තටට මුලි පිරිමට ඔහුටම සිදුවිය. මේ අතරවාරයේදි වෙබරයේ පවත්නා ඕනැම සමපතක් අනන්ය ලෙස හදුනා ගැනිම සදහා ක්රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි. එය Uniform resource Identifier (URI) නම් විය. එකල බහුලව පැවති hyopertext ක්රමවේදයන්ට හාත්පසින්මහ වෙනස් ලක්ෂණ ගණනාවක් විශ්ව විසිරි වියමන සතුවිය. මෙම වෙබයේ මුලික අවශ්යතාවක් වුයේ ඉදිරියටත්, ුආපසස්සටත් ගමන් කළ හැකි සබැදි වෙනුවට ඒක දිශ සබැසි පැවිමයි. මේ ආකාරයට කිසියම් අයකුට කිසියම් සම්පතක් එහි හිමිකරැගේ මැදිත් විමකින් තොරවම සබදිමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බවුසර ක්රියාත්මක කිරිමේ තදබල අපහසුකතාව මහගහැරවිටම ද සැලකිය යුතු කරමේ දායකත්වයක් සැපයිය. (ඉන් පෙර පැවති ක්‍රමවේදයන් හා සසදන කල්හි) එසේ වුවද මෙම ක්‍රමය පවත්නා ගැටලුවක් වු සබැදි කල් ඉකුත්විම (link rot) සදහා මග පැදිය. මින් පෙර පැවති Hypercard මෙන් නොව විශ්ව විසිරි වියමන ඕනැම පරිහිලකයකුට වෙළද හිමිකමකින් තොරව නොමිලයේ භාවිතා කල හැකි විය. මෙය මින් පෙර නොවු විරු පෙරලියක් ඇත කළේ අන්රගාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාදින අයුරින් නිමවා ගත හැකි විමෙන් මෙන්ම වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි විමෙන්ය.

1993 අප්රේග් 30 වනිදා CERN ආයතනවය නිවේදනයක් නිකුත් කැරමින් කියා සිටියේ ඉන් මතුවට විහ්ව විසිරි වියමන ඕනැම අයකුට කවර ආකරය හෝ ගාස්තුවක් ගෙවිමකින් තොරව පරිශිලිනය කළ හැකි බව. දෙමසකට පසු එලි දැක් වු තවත් ප්රකාශනයකින් කියැවුනේ gopher ප්රොටෝොක්රලය තවදුරටත් නොමිලයේ පරිශිලිනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශිලකයන් තුල හි සිටි වෙබය කරඑා සීග්ර සංක්රමණයක් ඇති කරවිමට සමත් විය.Violawww නමැති පරිණි එමෙන්ම ජනප්රිය ාබවබ් බ්රවුසරය ද Hyopercard ක්රමවේදය මුල්ක කරගනිමින් සකසා තිබිණි.

කෙසේ වුවත් 1993 දී Mosaic වෙබි බ්රවුසරටෙය් හදුන්වා දිම යනු විශ්ව විසිරි වයමනේ විකාශනයේ වැදගත්ම පියවර ලෙස ක්ෂේත්රයේ විද්වතුන් සාමාන්යයෙන් එකගත්වයට පැමිණි කරැණකි. Mosaic වේ බ්රවුසරය වනාහි Illinois විශ්ව විදයාලයේ NCSA ආයතනය විසින් (NCSA-UIUC) Mare Andreessen ගේ මුලිකත්වයෙන් නිපදවන ලද රෑප මාධ්ය වේබ් බ්රවුසරයකි. Mosaic හි මුල්ය සම්පාදනය සිදුවුයෙ High-performance computing and communications Initiative නමැති වැඩසටන මගිනි. මෙම වැඩසටහනට මුල පිරැණේ ඇමෙරිකානු සෙනෙට් සභික Al Gore විසින් 1991 දි ඉදිරිත් කෙරැණු පනත. මගිනි. තවද මෙය Gore Bill නමින් ද ප්රචලිකතය. (වැඩිදුර විස්තර සදහා Al Gore's contributions to the Internat and technology බලන්න) Mosaic හි නිකුතුවට ප්‍රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමග චිත්රක මිහ්රකර ඉදිරිපත් කර නොලැිබිණි. තවද එහි ජනප්‍රියතාවය අන්තර්ජාලයේ භාවිතා කරන ලද පැරණි ප්රොටෝනකෝලයක් වන Mosaic WAIS ටවඩා අඩු මට්ටමක තිබිණි. Mosaic හි චිත ක අතුරැ මුහුණත වෙබයට අන්තර්ජාලයය් ජනප්රියතම ප්රොටෝතොල්ය බවට පත් විම සදහා බොහෝ දුරට බවහල් විය.

1994 ඔක්තෝබ්රයේ දි Tim Berners-Lee CERN ආතනයෙන් සමුගැනිමෙන් පසු ඔහු W3C ආයතනය ප්රතිස්ථාපන කිරිමට යෙදිණි. එය ප්රතිස්ෂාපනය ටෙකරැණෙ අන්ර්ජාල ය හා යුරෝපාය කොමිසම (Eupropean commission) ට පුරෝගාමි වු defense Advanced Research projects Agency (DARPA) ආයතනයේ පුර්ණ සහයෝගය සහිතව Massachusetts institutie of Technology –labopratopry for computer science (MIT/LCS) ආයතනයේදිය.

අයිසැක් නිවුටන්

උපත :- 1643 ජනවාරි 4, කෝල්ස්ටර්වර්ත්හි වූල්ස්තෝර් , ලින්කන්ෂයර්, එංගලන්තය
මරණය :-  1727 මාර්තු 31 (වයස අවුරුදු 84) කෙන්සින්ග්ටන් , ලන්ඩනය , එංගලන්තය
මරණයට හේතුව :- වෘද්ධභාවය හේතු කොට
නිවහන :- එංගලන්තය
ජාතිකත්වය :-ඉංග්‍රීසි ජාතික
අධ්‍යාපනය :- කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය රාජකීය සංගමය,ත්‍රිත්ව විද්‍යාලය
වෘත්තිය :- භෞතික විද්‍යාව , ගණිතය , තාරකා විද්‍යාව ,
ප්‍රසිද්ධියට හේතුව  ස්වභාවික දර්ශකය , ආදී රසායනය ,ආගමික චින්තනය

ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයෙකු ස්වභාවික දර්ශනවාදියෙකු , ආදි රසායනඥයෙකු හා ආගමික මතවාදියෙකු විය. ඔහු විසින් 1687 පළ කළ Philosophiae Naturalis Principia Mathematica ග්‍රන්ථය විද්‍යාත්මක චින්තනයට අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට පදනම වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එ‍තැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද ඉංජිනේරු විද්‍යාවේ පදනම නිව්ටන්ගේ නියම වේ. කෙප්ලර්ගේ ග්‍රහලෝකවල චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්‍රගමනයට ඉඩ සැලසීය.

යාන්ත්‍ර විද්‍යාවේ දී කෝණික ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය පිළිබද නියමයන් නිව්ටන් විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන ලදී. පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කිරීමත් ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය එහි සංඝටක වර්ණවලින් යුත් වර්ණාවලියක් බවට වෙන් කිරීම නිරීක්ෂණය කර ඒ මත පදනම්ව වර්ණවාදය නිර්මාණය කිරීමක් ප්‍රකාශ විද්‍යාවට නිව්ටන් දැක්වූ දායකත්වයට අයත් වේ. තවද ඔහු ප්‍රත්‍යක්ෂ මූල සිසිලන නියමය ගොඩනැගූ අතර ශබ්දයේ වේග‍ය පිළිබදව ද අධ්‍යයනය කළේය.

ගණිතයේ දී කලණය සංකල්ප ගොඩනැගීමේ ගෞරවය නිව්ටන් හා ගොට්ෆ්‍රීඩ් ලිබිනිස් (Gottfried Leibniz) අතර බෙදී යයි. සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් ශ්‍රිතයක ශූන්‍යයක් සන්නිකර්ෂණය සඳහා “නිව්ටන් ක්‍රමය” ගොඩනැගීමත් , බල ශ්‍රේණිය පිළිබඳ අධ්‍යයනයන්ට දායකත්වය දැක්වීමත් නිව්ටන් විසින් ගණිතයට දක්වන ලද දායකත්වයට අයත්ය.

2005 වසරේ රාජකීය සමිතිය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව විද්‍යාවේ ඉතිහාසය කෙරෙහි නිව්ටන්ගේ බලපෑම ඇල්බට් අයින්ස්ටයින්ගේ බලපෑමට බොහෝ සෙයින් වැඩි බව ජනතාව අදහස් කරන බව හෙළි විය.

රාජකීය විද්‍යාලය, කොළඹ

කොළඹ රාජකීය විද්‍යාලය, 1835 වර්ෂයේ ජනවාරි මස ආරම්භ කරන ලද කොළඹ රාජකීය පාසල ශ්‍රී ලංකාවේ පැරණිතම පාස‍ල ලෙසින් නම් දරයි. කොළඹ දිස්ත්‍රික්කයේ කුරුඳුවත්ත (කොළඹ 07) ප්‍රදේශයේ ජනාකීර්නත්වයෙන් සපිරුණු නගරයක් මධ්‍යයේ නමුත්, මනරම් නිස්කලංක ප්‍රදේශයක ස්ථාපිත කොළඹ රාජකීය විද්‍යාලය එක් ‍පසෙකින් කොළඹ විශ්ව විද්‍යාලයටත්. අනෙක් පසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයටත් ආසන්නයෙන් ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටා ඇත.

වර්තමානය වන විට ශ්‍රී ලංකා ප්‍රජාව වෙත සුවිශාල මෙහෙයක් අධ්‍යාපනික වශයෙන් ඉටුකරමින් සිටිනු ලබන ‍කොළඹ රාජකීය විද්‍යාලය මේ වන විශිෂ්ට පුරවැසියන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. අධ්‍යාපනයටද, ක්‍රීඩාවටද එකසේ සමබර ලෙසින් දස්කම් දක්වන සෑම අංශයෙන්ම අති දක්ෂ පුරවැසියන් නිර්මාණය කිරීම පාසලේ අරමුණයි.

අක්කර 34ක බිම් වපසරියක් තුළ පැතිරී ඇති මෙම විශිෂ්ට අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවර‍යාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත. (ප්‍රාථමික අංශයෙන් නියෝජ්‍ය විදුහල්පති ප්‍රධානාචාර්යා/ප්‍රධානාචාර්යවරිය ලෙසින් හැඳින්වේ). සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවට විදුසෙවන සපයන කොළඹ රාජකීය විද්‍යාලය තුළ නවීන අධ්‍යාපන ක්‍රමෝපායන් භාවිතා කරමින් තම සිසු දරුවන්ගේ නැණැස පාදමින් විශාල මෙහෙයක් ඉටුකරමින් සිටියි.

ගෝලීය උණුසුම් වීම

ගෝලීය උණුසුම් වීම යනු 20 වන ශතවර්ෂයෙහි මැද භාගයේ සිට පෘථිවියෙහි පෘෂ්ඨාසන්න වාතයෙහි හා සාගරයන්හී සාමාන්‍ය උෂ්නත්වයෙහි ඉහළයාම සහ එහි ප්‍රක්ෂේපිත අවිච්ඡේදයයි.

පෘථිවිය මතුපිට මධ්‍යන්‍ය ගෝලීය වායුමය උෂ්ණත්වය 2005 වර්ෂයෙන් අවසන්වන වසර 100 ක කාලය තුළ 0.740 ධන හෝ සෘණ 0.18 (1.33 ධන හෝ සෘණ 0.32) ප්‍රමාණයකින් වෙනස්වී ඇත. අන්තර් රාජ්‍යයීය දේශ ගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුව හෙවත් IPCC නිර්ණය කරන පරිදි 20 වන ශත වර්ෂයේ මැද භාගයේදී නිරීක්ෂිත ගෝලිය මධ්‍යන්‍ය උෂ්ණත්වය‍න්ගේ වැඩිවීම්වලට හේතුව වශයෙන් නිරීක්ෂණය කොට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද හරිතාගාර වායු සාන්ද්‍රණයන්ගේ ඉහළ යෑම් හරහා හරිතාගාර ආචරණය ඇති වීමයි. පූර්ව කාර්මික කාලපරාසයන් 1950 දක්වා වකවානුවේදී ස්වාභාවික ප්‍රපන්චයන් වන ගිනිකඳු සහ සූර්යය ප්‍රභේදනය කුඩා උණුසුම් වීමේ ආචරණයක් ඇති කරන ලදී. 1950 සිට ඉන් ඔබ්බට කුඩා සිසිල් වීමේ ආචරණයක් ඇති කරන ලදී.

මෙම මූලික නිර්ණයන් හුවා දක්වනු ලැබුයේ ප්‍රධාන කාර්මික රටවල්වල සියලු ජාතික විද්‍යාත්මක ඇකඩමි අන්තර්ගත වූ අවම වශයෙන් විද්‍යාත්මක ඇකඩමි හා විද්‍යාත්මක සමාජ 30 කවත් දායකත්වයෙනි. තනිවිද්‍යාඥයින් IPCC හි සොයා ගැනීම් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළද එය යටපත් කරමින් දේශගුණික වෙනස් වීම් පිළිබඳව එහි මූලික වෙනස්වීම් සම්බන්ධයෙන් එකඟතාවය පල කොට ඇත.

දේශ ගුණික ආකෘති අනාවැකි IPCC මගින් සංක්ෂිප්ත කරන ලදුව දක්වා තිබෙන්නේ ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය තවත් 1.10 සිට 6.40 දක්වා 21 වන ශතවර්ෂය තුළදී වැඩි වනු ඇති බවයි. එම අගය පරාසයන් විවිධ ගෝලීය හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ගුරුපොත් හා විවිධ දේශ ගුණික සංවේදීතාවයන් ඇති ආකෘතික භාවිතයෙන් ලද ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යයනයන් අතරින් බහුතරයක් 2100 දක්වා කාල පරාසවලට නාභිගත වී ඇත. නමුත් උණුසුම් වීම සහ මුහුදු මට්ටමේ වැඩිවීම‍තවත් වසර දහසකට වැඩි කාලයක් හරිතාගාර වායු මට්ටම් ස්ථායීකරණය වුවද වැඩිවනු ඇති බවට අපේක්ෂා කෙරේ. සමතුලිතතාවයට එළඹීමට ප්‍රමාද වන්නේ සාගරයන් තුළ ඇති විශාල තාපධාරිතාවය හේතුවෙනි.

ගෝලීය උෂ්ණත්ව වැඩිවීම මුහුදු මට්ටම් වැඩිකිරීමට හේතු වනු ඇත. එමෙන්ම ආන්තික කාලගුණික තත්ත්වයන්ගේ සහ වර්ෂාපතන රටාවන්ගේ හා ප්‍රමාණයන්ගේ ත්‍රීව්‍රතාවයන් වෙනස් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ගෝලීය උණුසුම්වීමේ වෙනත් ආචරණයන්නම් කෘෂිකාර්මික අස්වැන්නේ වෙනස්වීම් වෙළඳ රටාවල වෙනස්වීම් ගැලැසියර දියවීම් විශේෂ වදවීම් එමෙන්ම රෝග වාහකයන්ගේ පරාසයන් වැඩිවීම් අන්තර්ගත වේ.

පවතින විද්‍යාත්මක අවිනිශ්චිතතාවයන් තුළ අන්තර්ගත වන්නේ අනාගතයේදී අපේක්ෂිත උණුසුම් වීමේ ප්‍රමාණය හා උණුසුම් වීම හා ඒ හා අදාල වෙනස් වීම් ලෝකය පුරා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නේ කෙලෙසද යන කරුණුයි. බොහෝ ජාතික රජයන් කියතෝ සන්දානය අත්සන් කොට හා අනුමත කොට ඇත. එය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම හා සම්බන්ධය. නමුත් මේවන විට දේශපාලනික හා ප්‍රජා විවාදයක් ලෝකය පුරා ඇතිව තිබේ. ඒ අනාගත උණුසුම් වීම සම්බන්ධයෙන් එය අඩු කිරීමට හෝ ආපසු හැරවීමට ක්‍රියා කළ යුතුද එසේ නොමැති නම් අපේක්ෂිත ප්‍රතිඵලවලට අනුවර්තනය විය යුතුද යන්න පිළිබඳවයි.

ප්‍රතිඵල

2003 වර්ෂයේ ගීෂ්ම සෘතු‍වේදි යුරෝපයේ ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් ප‍්‍රංශය, ඉතාලිය හා ජර්මනියේ 35000ක් පමණ මිය ගිය අතර, විශාල පිරිසක් සමේ රෝග වලට ගොදුරු වූහ.වසර 60කට පසු බ්‍රිතාන්‍යයේ දහස් ගණන් ජනයා අසීරුවට පත් කරමින් 2007 ජූලි මස මහා ජල ගැලීම් සිදු වූ අතර එය ගෝලීය උණුසුම හේතු කොට ගෙන සිදු වූ බව බ්‍රිතාන්‍ය අගමැති ගෝල්ඩන් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත. (ලංකාදීප 2007 ජූලි 25). හංගේරියාවේ 2007 ජූලි මස අධික උෂ්ණත්‍වයෙන් මිය ගිය ප්‍රමාණය 600ද ඉක්මවන ලදී(ලංකාදීප 2007 ජූලි 25). ඉන්දියාවෙන්ද වරින් වර අධික උෂ්ණත්‍වය නිසා සිදුවන මරණ ගැන වාර්ථා වී ඇති අතර 2003දී ප්‍රංශයේ 1080 ක් මිය ගියේය. 2007 මැයි මස උණුසුම නිසා බංගලාදේශයේ 12 දෙනෙක් ද ඉන්දියාවේ 30 දෙනෙකුද මිය ගිය බව වාර්ථා විය. 2003 වසරේ ඇති වූ උණුසුමට සමාන ගිම්හාන උණුසුමක් මීට පෙර ඇති වූයේ වසර දාහකට දෙවරකි. නමුත් ඉදිරියේදි මෙම සම්භාවිතාව වසර විස්සකට දෙවරක් ලෙස වෙනස් වී ඇති අතර 2050-60 වන විට මෙම උණුසුම සාමාන්‍ය තත්‍වයක් දක්වා වර්ධනය වීමට ඉඩ කඩ ඇත.

දැඩි තාපය නිසා 1995 දී ඇමරිකාවේ චිකාගෝහිදී මිය ගිය ගණන සියයකි. මීට අමතරව හරිකේන්, කැත්රිනා වැනි කුණාටු සහ වැසි නිසා ඇමරිකාවේ විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි විය. ඊට අමතරව පෘථිවි උණුසුම වැඩි වීම නිසා මදුරුවන් උසින් වැඩි බිම් ප්‍රදේශ වලට පවා සංක්‍රමණය වන අතර එමගින් මැලේරියාව සහ ‍ඩෙංගු රෝගය වැළදීම සීඝ්‍රයෙන් වර්ධනය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන පරිදි 2000 වර්ෂයේදී මැලේරියාව සහ ‍ඩෙංගු වඩාත් ව්‍යාප්ත වීම නිසා මිය ගිය සංඛ්‍යාව එක් ලක්‍ෂ පණස් දහසකි. ගෝලීය උෂ්ණත්‍වය හේතුවෙන් උස් බිම් පවා මදුරු ආක්‍රමණයට ගොදුරු වී ලෝකයේ 2/5 ක භූමි ප්‍රමාණයක වෙසෙන මිලියන 50ක් ‍ඩෙංගු උණ රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ. මෙලෙස කලාපයෙන් කලාපයට පැතිර යන ඩෙංගු වෛරසය නිසා 2005දී උතුරු ඇමරිකාවේ 580 දෙනකු පමණ මිය ගොස් ඇත.(2006 වසරේදි ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 11668 කි) ඊට අමතරව වෛද්‍ය විශේෂඥයින් අනුමාන කරන පරිදි මේ සියවස තුළ කාළගුණික වෙනස් වීම් නිසා සමේ සහ ස්‍වසන රෝග වැළදීමත් මෙතෙක් වැළදී නැති රෝග තත්‍වයන් ඇති වීමටත් නියිමිතය. හරිතාගාර වායුව සහ වෙනත් වායු දූෂණ නිසා දරුණු රෝගී තත්‍වයන් හෝ මරණීය වූ හෘද රෝග මෙන්ම මොළයේ රෝගද, පෙනහළු පිළිකා සහ ළදරු මරණ බහුල වන අතර දැනටමත් ඇමරිකාව තුළ මේ තත්‍වයන් දක්නට ලැබේ. පැතිර යමින් පවතින අධික උෂ්ණත්‍වය නිසා, වෙනත් පෙනහළු රෝගද වැළදීමේ සහ උග්‍ර වීමේ ලක්‍ෂණ ‍බොහෝ රටවල් වල දක්නට ලැබේ. ඊට අමතරව වාතයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම මරණීය රෝග සහිත නිෂ්පාදන වලට හිතකර වන අතර එමගින් විවිධ අසාත්මිකතාවන්ද ඇති වේ. ඕසෝන් ස්ථරය ක්‍ෂය වීම නිසා වායු ගෝලයේ ඉහළ ස්ථරයේ උෂ්ණත්‍වයේ වැඩි වීම් ප්‍රථිඵලයක් ලෙස වායු ගෝලයේ පහළ ස්ථරයද උණුසුම් වේ. මේ නිසා හිරු විසින් මුදා හරින අයහපත් අධෝරක්ත විකිරණ වැළැක්වීමේ හැකියාව අඩුවීම මිනිස් සිරුර වෙත අයහපත් ලෙස බලපායි. මෙමගින් ඇස් වලට හානි වීම, සම කළු වීම, සමේ පිළිකා ඇති වීම සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පරිදි ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් වසරකට 160000ක් මිය යන අතර 2020දී මෙම ප්‍රමාණය දෙගුණ වීමට නියමිතයි.

වායුව උණුසුම් වීම නිසා ලොව පුරා සුළි සුළං හේතුවෙන් 1985 දී 4361ක් මිය ගිය අතර 1991 දී 138568ක් මිය ගියහ. වසරකට මිලි මීටර 9කින් බංගලාදේශයේ භූමිය මුහුදට යට වන අතර ඉතා පහත් මුහුදු මට්ටමක පිහිටි බංගලාදේශය බෙංගාන බොක්කේ නිතර ඇති වන කැළඹිලි ස්‍වාභාවය නිසා ගංවතුර මෙන්ම සුළි සුළං විපත් වලට ද මුහුණ පාමින් සිටී.

සත්‍ව සංහතියේ අනාගතය

2004 වර්ෂයේදී ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආඤාර්්‍ය ක්‍රිස් තෝමස් විසින් ගෝලීය උණුසුම සහ වන ජීවීන් පිළිබඳව කරන ලද පර්යේෂණයකින් පසු 'Nature' නැමති සඟරාවට ලිපියක් ලියමින් මෙසේ පවසා ඇත.

"වර්තමානයේ සිට 2050 දක්වා පවතින තත්‍වයන් වෙනස් නොවුනහොත් පවත්නා සත්‍ව ශාක සංයුතියෙන් 37%ක් මෙලොවින් වඳ වී යනු ඇත"

ගෝලීය උණුසුම මිනිසාට පමණක් නොව සත්‍ව සංහතියටද බලපාමින් තිබේ.
ලෝක ඉතිහාසය පරිණාමයේදී වරින් වර ඇති වූ උල්කාපාත වැටීම
ආහාර ප්‍රමාණයන් මඳ වීම,වෙනත් පාරිසරික විපර්යාස නිසා ලොව සිටි විශාල උරගයින් සහ සිවුපාවන්ද වඳ වී ගියහ. වර්තමානයේදී එවැනිම තත්‍වයක් ඇති වෙමින් තිබේ.

1980දී මහා බ්‍රිතාන්‍යයේ කුරුළු වර්ග 12ක් දකුණු දෙස සිට උතුරට සංක්‍රමණය වූ අතර 1990 වන විට ඔවුන් පදිංඤි වී සිටි පෙදෙස මුලින් සිටි කලාපයට වඩා සැතපුම් 12 ක උසකින් වැඩි බව හෙළි විය. 1999 දී කැනඩාවේ ආක්ටික් ප්‍රදේශයට ඊට පෙර එම කලාපයේ නොසිටි කුරුළුවර්ග සංක්‍රමණය වී පැල පදියම් වූහ. මේ පිළිබඳව පර්යේෂණයක් කල විද්වතුන්ට අනාවරණය වූයේ මෞ නිජබිම වෙනස් වීම ගෝලීය උණුසුම් වීමේ ප්‍රථිඵලයක් බවය. කුරුල්ලන්ට අමතරව ලෙඩ රෝග ඇති කරන මදුරුවන් ඇතුළු වෙනත් කෘමීන්ද මෙලෙස වබා උස් බිම් වලට ව්‍යාප්ත වන බව පෙනෙන්නට ඇත.

මීට අමතරව ආක්ටික් පෙදෙසේ වෙසෙන ද්‍රැව වලසා හෙවත් හිම වලසාද ඍතු වල බරපතල වෙනස් කම් නිසා සහ උෂ්ණ ඍතුව දීර්ඝ වීම නිසා ප්‍රජනන ක්‍රියාවලියේදී යම් පසු බෑමකට ලක් වී ඇත.එමෙන්ම සීල් මතස්‍යයා සහ පෙන්ගුයින් වැනි සතුන්ගේ ජීවන චක්‍රයද විශම වී ඇති බව සොයා ගෙන ඇත. සමස්තයක් ලෙස අවම උෂ්ණත්‍වයන් මත යැපෙන හිම වලසා සහ පෙන්ගුයින් වැනි සත්‍ව විශේෂ 100 සිට 200 ක් අතර ප්‍රමාණයක් තර්ජනයට මුහුණ දී තිබේ. මීට අමතරව කුරුළු වර්ගයන්ගේ ප්‍රජනන ක්‍රියාවලියද වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ පක්‍ෂ විශේෂ 67 ක පළමු බිත්තරය දැමීම දින 9 කට කලින් සිදුවීම දැක්විය හැක. කාලගුණ විපර්යාසය නිසා සත්‍වයින්ට වන හානිය ගැන දකුණු කලාපීය රටවල්හි පර්යේෂණ පැවතෙන්නේ නැති තරම් බැවින් එම කලාපයේ සත්‍ව විෂේශයන්ට ගෝලීය උණුසුමේ ප්‍රථිඵල කෙසේ බලපානු ඇත්දැයි සොයා ගැනීමට නොහැක.

ලෝක ගෝලයේ මිනිස් ජනාවාස වලින් තොර ප්‍රදේශ ලෙස හඳුන්වන උත්තර ධ්‍රැවයට ආසන්න ඇලස්කාව වැනි ප්‍රදේශ වල සුළු වශයෙන් ඇස්කිමෝවරු වාසය කරති. පෘථිවියේ මෙම ධ්‍රැව ප්‍රදේශ ද, තුන්ද්‍රා, සැවනා සහ ඇමසන් වැනි වනාන්තර සහ කාන්තාර වලටද බලපාන උණුසුම පෘථිවියේ කාලගුණික සමතුලිත බවට හානි ගෙන දෙමින් දේශගුණික විපර්යාසයන්ට බඳුන් වෙමින් තිබේ. අයිස් තට්ටු දියවීම සහ හිමාංකයට අඩුව පැවති උෂ්ණත්‍වය වැඩි වීම මධ්‍යම ඇසියාවටද බලපාමින් ඇත. මෙම කලාපයේ හිමාලය කඳු සහ ටිබට් ප්ලාතා කඳු වැටි ආශ්‍රිතව ද්‍රැව ප්‍රදේශ වලින් බැහැර වූ විශාලතම ග්ලැසියර් ලක්‍ෂයක් පමණ ඇතැයි ලණනය කර ඇත. නමුත් 70 දශකයේදී මෙම කඳු වැටි වල නේපාල කොටසේ උෂ්ණත්‍වය සෙල්සියස් අංශක 1කින් ඉහළ යාම නිසා සමස්තයක් ලෙස හිමාලය කඳු වැටියේ හිම සහ අයිස් තට්ටු 30%කින් අඩු විය.

සමස්තයක් ලෙස ගත් විට කාලගුණික දේශගුණික විපර්යාස ‍මුළු ජෛව සහ අජෛව පද්ධතියටම බලපායි.
පෘථිවිය උණුසුම් වීම අඩු කර ගැනීම

ගෝලීය උෂ්ණත්වයෙන් දිගටම වැඩිවිය හැකි බවට දේශගුණික විද්‍යාඥයන් අතර ඇති පුළුල් ගිවිසුම සමහර ජාතීන්, රජයන්, සංස්ථා හා පුද්ගලයින් කෙරෙහි උනන්දුවක් ඇත්තේ ගෝලීය උණුසුම් වීම අඩු කිරීමට හෝ ඊට සුදුසු පරිදි හැඩ ගැසීම සදහා ක්‍රියාත්මක විම‍ට උත්සාහ කිරිමයි. ගෝලීය උණුසුම් වීමට එරෙහිව තනි තනි පුද්ගලයින්ගේ ක්‍රියාත්මක වීමට බොහෝ පරිසරවාදී කණ්ඩායම් අනුබල දෙනු ලබන්නේ බො‍හෝ විට පාරිභෝගික යා විසින් මෙන්ම මහජන සංවිධාන හා ප්‍රාදේශිය සංවිධාන විසින් ගල්වු ඇටකටු වලින් නිෂ්පාදිත ඉන්ධන හා Co2 පිට කිරිම අතර ඇති සම්බන්ධය සදහන් කරමින් අනෙක් අය යෝජනා කර ඇත්තේ මුළු ලොව පැතිරි ඇති ඇට කටුවලින් නිෂ්පාදිත ඉන්ධන වලින් පංගුවකි.

වැඩි කරන ලද බලශක්ති නිපුනත්වය හා විකල්ප ඉන්ධන පරිභෝජන කිරිම ඇතුළුව දේශ ගුණික වෙනස්වීම් පිළිබදවව්‍යාපාරික ක්‍රියාකාරකම්ද ඇත. එක් වැදගත් නිමැවුමක් වන්නේ ග්‍රින්නවුස් වායු පිටකිරිම් කර්මාන්ත වැඩිදියුණු කිරිමක් එමගින් එවැනි සමාගම් රජය හා සම්බන්ධ වඔවුන්ගේ පිටකිරිමට එකග වීම හෝ ඔවුන්ගේ දීමනාවලට අඩුවෙන් ණය ගැනීමත් ය. ගෝලීය උණුසුම් වීමට එරෙහිව සටන් කිරිම පිළිබදව ලෝකයේ මුල්ම ජාත්‍යන්තර ගිවිසුම වනුයේ කියොටෝ ප්‍රොටොකොල්ය. එය 1997 සාකච්ඡා කරන ලද එකට වැඩිය සංශෝධනයකි. ගිවිසුමේ මුල් පිටපත දැනට ගෝලීය ව රටවල් 160 ක වැඩි ය ආවරණය කරන අතර ගෝලීය ග්‍රින්හවුස් වායු පිටකිරීම සියයට 55 වැඩිය. එක්සත් රාජධානිය හා කසකස්ථානය ගිවිසුම ස්ථිර කර නැත. ඵෙතිහාසික ව ලෝකයේ වැඩිම ග්‍රින්හවුස් වායුව පිටකරනු ලබන්නේ එක්සත් රාජධානියයි. මේ ගිවිසුම 2012 දී අවසන් වන අතර දැනට ඇති ගිවිසුම වෙනුවට ඉදිරියේ දී ගිවිසුමක් ඇති කර ගැනීමට 2007 මැයි මාසයේ දී ජාත්‍යන්තරව සාකච්ඡා පටන් ගැනිනි.

එක්සත් ජාතීන්ගේ ආර්ථිකයට හා චීනය ට හා ඉන්දියාව වැනි ප්‍රධාන ජනගහන මධ්‍යස්ථාන ඇතුළුව ලෝකයෙන් 80% ක් ගිවිසුමෙන් නිදහස් කිරිම එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ආර්ථිකයට තද හානියක් බව සදහන් කරමින් ජෝර්ජ් බඩිලිව් බුෂ් කියා සිටිනේ කිටුටෝ ගිවිසුම අසාධාරණ හා ‍ගෝලීය දේශගුණය වෙනස් වීම් සම්බන්ධව කතා කිරිම නිෂ්පල බවයි. දේශගුණය වෙනස් විම කෙරෙහි එරෙහිව සටන් කිරිම හා දියුණු කරන ලද බලශක්ති ශිල්පක්‍රමයක් බුෂ් ඉදිරිපත් කර ඇත . එක්සත් රාජධානියන් ඇතුලත් රජයන් හා නගර දේශිය පදනමක් මත කියොතෝ ගිවිසුමට ආධාර කිරිමටත් ගිවිසුමට අනුව ක්‍රියා කිරිමටත් ඔවුන් මුල් පියවරගෙන ඇති බව සදහන් වේ. මෙයට උදාහරණයක් වන්නේ, ප්‍රාදේශිය ග්‍රීන් හවුස් ගෑස් පටන් ගැන්මයි.

චීනය හා ඉන්දියාව සංවර්ධනය වන රටවල් ලෙස ඉන් නිදහස් කල ද කියුටෝ ගිවිසුම අනුමත කර ඇත. මෑත දී කරන ලද අධ්‍යයනයන් අනුව චීනය ග්‍රින් හවුස් වායුව වාර්ෂිකව මුළු ග්‍රින් හවුස් වායුවම පිට කිරීමේ දී එක්සත් රාජධානිය පසු කර ඇත. චීන අගමැති ජනයාට කියා ඇත්තේ ගෝලීය උණුසුම හා වායු දූෂණය පිළිබදව ක්‍රියාත්මක විමේ උත්සාහය දෙගුණ කරන බවය.

ගෞතම බුදුරජාණන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ ගිහි කළ සිදුහත්(සිද්ධාර්ථ) නම් විය. "යහපත උදාකරන තැනැත්තා" යනු ඒ නමෙහි තේරුම යි. සිද්ධාර්ථයන් උපත ලැබුවේකපිලවස්තු (කිඹුල්වත්) නගරයේ ගෞතම ගෝත්‍රයට හා ශාක්‍ය වංශයට අයත් රාජකීය පවුලක ය. එතුමන් ගේ පියා සුද්ධෝදන රජතුමා ය; මවමහමායා (මායා) දේවිය යි. සිදුහත් කුමරුන් උපත ලැබුවේ වෙසක් පොහෝ දිනක (ක්‍රි.පූ. 624 පමණ), ලුම්බිනි නම් සල් උයනේදී ය. කුමරු ඉපිද දින 7න් මහමායා දේවිය කලුරිය කර, තව්තිසා දිව්ලොව මාතෘ දිව්‍යරාජයා ලෙස උපත ලදින්, එතැන් පටන් සිදුහත් කුමරුට මව් වූයේ සුළු මව (මවගේ නැගණිය)වූ මහා ප්‍රජාපතී ගෝතමීය යි. එක රජ පවුල්වල සිරිතට අනුව සිදුහත් කුමරුන් යසෝදරා දේවිය සමඟ විවාහ වූයේ වයස අවුරුදු 16 දී ය.

ලක්‍ෂණ ශාස්ත්‍රයෙ හි නිපුණ වූවන් උන් වහන් සේ ගිහි ගෙය හැර ගොස් බුදු බව ලබන බැව් එකුමරුට නම් තබන දිනම පවසා තිබිණ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහිත ව උපන් කෙනෙකු සම්මා සම්බුද්ධත්වයට (ගිහි ගෙය හැර ගියහොත්) හෝ සක්විති රජ පදවියට (ගිහි ගෙය රැඳුනොත්) පත් විය යුතු යන නියමය දත් සුද්ධෝදන රජතුමා ඇතුළු හැම දෙනම උත්සාහ කළේ උන් වහන්සේ ගිහි ගෙය (එනම් පස් කම් සැප තුළ) රඳවා ගැනීමට යි. ස්වභාවයෙන්ම විමසිලිවන්ත වූ සිද්ධාර්ථ බෝසතානන් ට කාමභෝගී ගිහි ජීවිතයේ නිසරු බව ත්, ජීවිතය හා බැඳී පවතින දුකින් මිදීම් අවශ්‍යතාවත් පසක් වීමට සතර පෙර නිමිති දැක නුවණින් විමසීම ම ප්‍රමාණවත් විය. මෙම නික්මීමේ අදිටන මුදුන් පත් වූයේ, වයස අවුරුදු 29 දී, සිය කුළුඳුල් පුතුරාහුල කුමරු උපන් දිනම, විමුක්තිය සොයා අබිනික්මන් කළේ (ගිහි ගෙය හැර ගියේ) සියළු ලෝ වාසීන්ට දුකින් මිදීමේ මඟ හෙළි කිරීමේ අදිටනිනි.

ගිහි බැමි හැර ශ්‍රමණයකු විය යුතු යැයි හැඟීම හැර විමුක්තියට මග පිළිබඳ අන් කිසිම දැනුමක් එ කල්හි සිද්ධාර්ධයන් ට නොතිබිණි. විමුක්තිය සොයා යෑමේ නොසිඳෙන වීර්යයත්, එය අන් අයට හෙළි කිරීමේ සානුකම්පික හැඟීමත් නිසාම සය වසක් මුළුල්ලේ උන්වහන්සේ කළේ සත්‍යය සොයා යෑම යි. මෙය ධර්මයේ හැඳින්වෙන්නේ ආර්ය පර්යේෂණය ලෙස ය.

සත්‍ය ගවේශනය වෙනුවෙන් උන් වහන්සේ මුලින්ම කළේ විමුක්තිය සාක්‍ෂාත් කරගෙන සිටී යැයි එකල සිතා සිටි ආචාර්ය වරුන් සොයා යාමයි. භාවනාව ප්‍රගුණ කර අරූප ධ්‍යාන (මෙය බුදු දහමෙහි සම්මා සමාධිය නොවේ; ධ්‍යාන මට්ටමක් පමණී) උපදවා සිටි ආලාර කාලම සහ උද්දක රාමපුත්‍රඑවැනි ගුරුවරුන්ය. සුළු කලකින් ඔවුන්ගේ ධර්මයන් ප්‍රගුණ කළ සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේ ඒවා විමුක්තිය වෙත යොමු නොවී ඇතැයි අවබෝධයෙන්ම බැහැර කළහ; තමන් ම විමුක්තිය සොයා ගත යුතු බව වටහා ගත්හ.

පස් කම් සැපෙහි ඇලි ගැලී සිටි කාමසුඛල්ලිකානුයෝගී අන්තය නිසරු බැව් මේ වන විටත් පසක් කර සිටි හෙයින් එතුමන් මෙවර තෝරා ගත්තේ ශරීරයට දැඩි දුක් පීඩා දී පව් ගෙවා දැමීම යැයි සමාජ සම්මතයේ පැවති අත්ථකිලමතානුයෝගී අන්තය යි. පස්වග භික්‍ෂූන්ගේ උපස්ථාන ලබමින් අවුරුදු හයක් මුළුල්ලේ දුෂ්කර ව්‍රත වල හැසිරීමෙන් (දුෂ්කර ක්‍රියාවෙන්) පවා උන් වහන්සේ පැතූ විමුක්තිය ළඟා කර ගත නොහැකි විය. මෙම පරීක්‍ෂණයේ නිගමනය වූයේ, අත්ථකිලමතානුයෝගය විමුක්තියෙන් බැහැරට ම යන බවයි.

ඉන් අනතුරුව උන් වහන්සේ ගේ මතකය ගියේ ළදරු වියේ දී දඹ රුක් මුලක හිඳ වැඩූ ආනාපානසති භාවනාවත් එයින් අත්දුටු සමාධි සුවයත් වෙතය. කාමසුඛල්ලිකානුයෝගී සහ අත්ථකිලමතානුයෝගී මාර්ගවලින් බැහැරවූ මැද මාවතක් (මධ්‍යම ප්‍රතිපදාව) අනුගමනය කළ යුතු බැව් උන් වහන්සේට වැටහිණි. එය අනුගමනය කරමින් සමාධියත්, ඒ තුළ විදර්ශනා ප්‍රඥාවත් වැඩූ උන් වහන්සේ වෙසක් පොහෝ දිනක ඇසතු බෝ රුකක් මුල සියලු කෙලෙස් නසා සම්මා සම්බුද්ධත්වය ලබා ගත්ග.

එතැන් සිය 45 වසක් මුළුල්ලේ උන් වහන්සේ ජීවිතය ගත කළේ සියළු ලෝ වැසියන් ගේ හිත සුව පිණිස අවබෝධ කරගත් එම ධර්මය දේශනා කිරිමටයි.

කලාව

කලාව යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය යි, නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි. සාහිත්‍යය හා සංගීතය ද ඇතුළු ව පුළුල් පරාසයක පැතිර ගිය මානව ක්‍රියාකාරකම්, නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවක් මෙයට ඇතුළත් වේ. සෞන්දර්යවේදය නමින් හැඳින්වෙන දර්ශනවාදයේ ශාඛාව තුළ කලාවේ අර්ථය ගවේෂණය කරනු ලැබේ.

කලාව නිර්වචනය කිරීම හා විනිශ්චය කිරීම 20 වැනි සියවසේ මුල් භාගයේ පටන් විශේෂයෙන් ප්‍රශ්නකාරී දෙයක් බවට පත් ව තිබේ. රිචර්ඩ් වොල්හයිම් මේ හා සම්බන්ධ ප්‍රවේශයන් තුනක් හඳුනා ගනියි : සෞන්දර්යාත්මක ගුණය මානව දෘෂ්ටියෙන් ස්වාධීන වූ පරම අගයක් හැටියට සලකන යථාර්ථවාදී ප්‍රවිෂ්ටය; සෞන්දර්යාත්මක ගුණය පරම අගයකින් යුක්ත වන නමුත් සාමාන්‍ය මානව අනුභූතිය මත රඳා පවත්නා බව පිළිගැනෙන වෛෂයිකවාදී ප්‍රවිෂ්ටය; සෞන්දර්ය ගුණය පරම අගයක් හැටියට නොගන්නා, ඒ වෙනුවට එය විවිධ මනුෂ්‍යයන්ගේ මානව අනුභූතීන් මත රඳා පවතින අතර ඒවා සමග විපර්යාසයට ද ලක්වෙතියි පවසන සාපේක්ෂතාවාදී ආස්ථානය.කිසියම් වස්තුවක් එහි දෘශ්‍යමාන කාර්යය කුමක් හෝ වේවා එහි අරමුණ හෝ එවැන්නක් නොමැතිකම, එහි නිර්මාපකයා ආදී පදනම් මත ගුණාංගීකරණය කිරීමට පුළුවන. පෙනෙන පරිදි කිසියම් ද්‍රවයක් දරා සිටින උපකරණයක් හැටියට භාවිත කළ හැකි වුවත් කෝප්පයක් හුදෙක් සැරසිල්ලක් ලෙසින් භාවිතයට ගන්නේ නම් එය කලා කෘතියක් වශයෙන් ද සැලකීමට හැකියාවක් තිබේ. ඒ අතර ම චිත්‍රයක් මහාපරිමාණ ප්‍රතිනිෂ්පාදනයට ලක් වන්නේ නම් එය හුදෙක් ශිල්පයක් වශයෙන් හැඳින්වීමට ද ඉඩ තිබේ.

සාම්ප්‍රදායික ව, කලාව නමැති පදය ඕනෑ ම ශක්‍යතාවක් හෝ සමත්කමක් විස්තර කරනු පිණිස භාවිත විය. කලාව, "ආගම හා විද්‍යාව සමග එක්ව වර්ගීකරණය කළ හැකි මිනිස් මනසේ විශේෂ අධ්‍යයනේන්ද්‍රියක්" හැටියට සැලකීමට පටන් ගත් රොමෑන්තික යුගයේ දී මේ සංකල්පනය වෙනසකට භාජනය විණි. සාමාන්‍ය වශයෙන්, කලාව සිතිවිලි හා භාව උද්දීපනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන නිර්මාණය කරනු ලැබේ.

කලාවේ ස්වභාවය "මානව සංස්කෘතිය පිළිබඳ සාම්ප්‍රදායික ගැටලු අතරින් වඩාත් ම දුරවබෝධාත්මක වූවක්" වශයෙන් රිචර්ඩ් වොල්හයිම් විස්තර කරයි. මනෝභාව හා අදහස් ප්‍රකාශ කිරීම හෝ සන්නිවේදනය සඳහා වූ වාහකයක්, ආකෘතික අංශ ඒවායේ ම අවශ්‍යතා උදෙසා ගවේෂණ කිරීමේ හා ඇගැයීමේ මාර්ගයක්, සහ අනුකරණයක් හෝ නිරූපණයක් වශයෙන් එය නිර්වචනය කරනු ලැබ තිබේ. එක් පුද්ගලයකු තවෙකෙකු අතර වක්‍ර සන්නිවේදනයක් සිදු වන මාර්ගයක් වශයෙන් ලියෝ තොල්ස්තෝයි කලාව හඳුනාගත්තේ ය. බෙනදෙත්තෝ ක්‍රෝස් සහ ආර්. ජී. කොලිංවුඩ් කලාව මනෝභාව ප්‍රකාශයට පත් කරන බවත් එහෙයින් කලා කෘතියක් සාරභූත වශයෙන් එහි නිර්මාපකයාගේ මනස තුළ පවත්නා බවත් කියැවෙන විඥානවාදී දෘෂ්ටිය ඉදිරිපත් කළෝ ය. කලාව ආකෘතිය වශයෙන් ගන්නා කලා න්‍යායෙහි මුල් ඇත්තේ ඉමැනුවෙල් කාන්ට්ගේ දර්ශනය තුළ ය. මෙය විසි වන සියවසේ මුල් භාගයෙහි දී රොජර් ෆ්‍රයි සහ සිල්වි බෙල් විසින් වැඩිදුර වර්ධනය කරනු ලැබී ය. කලාව වනාහි අනුකරණය හා නිරූපණය හැටියට ගන්නා නිර්වචනය ඇරිස්ටෝට්ල්ගේ දර්ශනය තුළ ගැඹුරින් මුල් බැස ඇත.


පදය පිළිබඳ නිර්වචන

1750න් පමණ පසු පුළුල් වශයෙන් පිළිගැනෙන්නට වූ "කලාව" නමැති පදය පිළිබඳ වඩාත් ම සුලභ භාවිතය වන්නේ සෞන්දර්යාත්මක ඵලයක් ජනනය කිරීමට ඇති ශක්‍යතාව යි. ජාලගත බ්‍රිටැනිකා විශ්වකෝෂය මෙය "අන් අය සමග බෙදාහදාගත හැකි සෞන්දර්යාත්මක වස්තූන්, පරිසරයන්, හෝ ප්‍රකාශනයන් නිර්මාණය කිරීම සඳහා ශක්‍යතා සහ පරිකල්පනය යොදාගැනීම" වශයෙන් නිර්වචනය කරයි. මේ ඕනෑ ම නිර්වචනයක් අනුව කලාත්මක කෘති මිනිස් සංහතිය තරම් ම දීර්ඝ කාලයක් තිස්සේ - මුල් කාලීන ප්‍රාග් ඓතිහාසික කලාවේ පටන් සමකාලීන කලාව දක්වා - පැවත අවුත් තිබේ; එසේ වුව ද ඇතැම් න්‍යායයෝ කලාව පිළිබඳ සංකල්පය නූතන බටහිර සමාජයන්ට සීමා කරති. "කලාව" නමැති සංකල්පය පිළිබඳ බොහෝ දෑ ලියැවී තිබේ. 1970 දී ඇඩෝනෝ ලියූ පරිදි "තව දුරටත් කලාව පිළිබඳ කිසිදු දෙයක් ප්‍රශ්න කිරීමකින් තොර ව පිළිගත හැකි නොවන බව දැන් ප්‍රශ්න කිරීමකින් තොර ව පිළිගැනේ" කලාව පිළිබඳ පළමු සහ පුළුල්තම අදහස පැරණී ලතින් අර්ථයට සමීප ව දිගට ම පැවති සංකල්පය යි. එය දළ වශයෙන් "ශක්‍යතාව" හෝ "ශිල්පය" වශයෙන් පරිවර්තනය කළ හැකි ය. එසේ ම එය "සංවිධානය" හා "පිළිවෙලකට සකස් කිරීම" යන ඉන්දු-යුරෝපීය අරුත ද සම්පාදනය කරයි. එම අර්ථයෙන් ගත් කල, කලාව යනු කිසියම් කාර්ය සාධකයකු විසින් හිතාමතා පිළිවෙල-ගැන්වීමේ හෝ සංවිධානය කිරීමේ ක්‍රියාවලියකට පාත්‍ර කරනු ලැබූ ඕනෑ ම දෙයකි.

කලාවේ ඉතිහාසය තුල මතභේද වර්ගීකරණය

කිසියම් නිර්මාණයක් හෝ විධික‍්‍රමයක් කලාව ලෙස සැලකියහැකිද යන්න පිලිබඳව ජනතාව අතර මතභේද පැවතීම කලාවේ ඉතිහාසය තුල සාමාන්‍ය සිදුවීමකි. ඇත්තෙන්ම කියන්නේ නම් පසුගිය සියවසේ වැඩි කාලයක් කලාව යනු කුමක්ද යන්න පිලිබඳ මදභේද විය. කලාවේ දාර්ශනිකයෝ මෙම මතභේදයන් ‘කලාව වර්ගීකරණය කිරීමේ මතභේදයන්’ ලෙස නාමකරණය කරති. උදාහරණයක් ලෙස පැරණි ගී‍්‍රක දාර්ශනිකයෝ ‘යහපත් ජීවිතයක් ගතකිරීමේ’ කලාව ලෙස ආචාර ධර්ම සැලකිය යුතුද යන ප‍්‍රශ්ණය සංවාදයට ලක්කළහ. 20 වන සියවසේ වර්ගීකරණ මතභේදයන් අතර ඝනිකවාදී සහ ප‍්‍රකාශනවාදී චිත‍්‍ර, ඩුෂෙම්ප්ගේ ෆවුන්ටන්, චිත‍්‍රපට, මුදල් නෝට්ටුවල විශිෂ්ඨ අනුකරණයන්, සම්ප‍්‍රචාරණය පමණක් නොව මුත‍්‍රාවල ගිල්වන ලද සුරුවම පවා විය. සංකල්පීය කලාව බොහෝවිට දැනුවත්වම කලාව ලෙස සැලකෙන්නේ කුමක්ද යන්නෙහි සීමා මායිම් පුළුල් කරයි. කලාකරුවන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් වීඩියෝ කී‍්‍රඩා වැනි නව මාධ්‍ය තෝරාගැනීම සහ/ හෝ කලාවේ ප‍්‍රවර්ගයන් ලෙස පිලිගැනීමට ලක්වෙමින් පවතී. මෙම නව වර්ගීකරණ විතැන්වීම් විශ්වීය ලෙස පිලිගැනීමට ලක්වී නොමැති බැවින් මතභේදය පිලිබඳ විෂය තවදුරටත් නොනැසී පවතී.

කලාවේ ස්වභාවය පිලිබඳව වන මතභේදයන් සියවස් ගණනාවක් තිස්සේ දික්ගැසුනු ඒවා වෙයි. එකී මතභේදයන්හි ප‍්‍රතිඵලයක් ලෙස සමහර ප‍්‍රවර්ගයන් තහනම් කිරීමද සිදුව ඇත.

දාර්ශනිකයකු වූ ඬේවිඞ් නෝවිස් පවසන ආකාරයට කලාවේ අර්ථ නිරූපනය පිලිබඳ එකඟතාවයක් නොවීම ප‍්‍රශ්ණයේ කේන්ද්‍රය වන්නේ කලාතුරකිනි. ඔහුට අනුව ‘කලාවේ වර්ගීකරණ මතභේදයන්හි වැදගත්ම කොටස’ වන්නේ ‘මිනිසාගේ සමාජ ජීවිතය තුල අන්තර්ගතව පවත්නා ලලාසාත්මක සිතිවිලි සහ අභිරුචීන්’ ය (නෝවිස් 1996). නෝවිස්ට අනුව වර්ගීකරණ මතභේදයන් බොහෝවිට නිවැරදි න්‍යායට අනුව ගමන් කිරීම වෙනුවට සමාජය සමඟ ගමන් කිරීමට උත්සාහ දැරීමේදී උත්ගත වන්නාවූ අපගේ වටිනාකම් පිලිබඳ මතභේදයන්ය. හර්ස්ට් හා එමින්ගේ කෘතින් පිලිබඳව චෝදනා කරමින් ඬේලි මේල් පුවත්පත ‘වසර 1000 ක් තිස්සේ කලාව ශ්‍රේෂ්ඨ ශිෂ්ඨකරණ බලවේගයක් ලෙස කටයුතුකොට ඇති අතර වර්තමානයේ මේ තක්කඞීන් අප සියලූ දෙනාම ම්ලේච්ඡයන් බවට පත්කිරීමට උත්සාහ ගනිති’ යනුවෙන් ලියන විට අදහස් කරන්නේ මෙයයි. කලාව පිලිබඳ අර්ථනිරූපනය හෝ න්‍යාය ඉදිරියට ගෙන යනවා වෙනුවට ඔවුන් කරන්නේ හර්ස්ට් හා එමින්ගේ කෘතීන්හි වටිනාකම් ප‍්‍රශ්ණ කිරීමයි.

නාට්‍ය


ෂේක්ස්පියර්ගේ ලේඛණ ජිවිතයේ කාල වකවානු හතරක් ගැන විද්වත්හු බොහෝ විට මත ප්‍රකාශ කරති. 1590 මැද භාගය දක්වා රෝම සහ ඉතාලි ආකෘති සහ ජනප්‍රිය වංශ කථා සම්ප්‍රදායේ ඓතිහාසික නාට්‍ය ඇසුරින් ඔහු ප්‍රහසනයන් රචනා කළේය. ඔහුගේ දෙවැනි යුගය 1595 දී පමණ ආරම්භ වේ. එම යුගය ‘රෝමියෝ ජුලියට්’ ඛේදාන්තයෙන් ඇරඹේ. 1599 දී එය අවසාන වන්නේ ‘ජුලියස් සීසර්’ ඛේදාන්තයෙනි. ශ්‍රේෂ්ඨ ප්‍රහසන සහ ඓතිහාසික කථා යයි සැළකෙන කෘතින් මෙම යුගය තුල ලියැවුනු ලෙස සැළකේ. 1600 සිට 1608 දක්වා ඔහුගේ ඛේදාන්ත රචනා යුගයයි. 1608 සිට 1613 දක්වා (Tragicomedies නමින් හැදින්වෙන) ඛේදාන්ත සහ ප්‍රහසන දෙකම අඩංගු රොමැන්ටික කෘතින් රචනා කළේය.
ෂේක්ස්පියර් පළමු වාර්තාගත කෘතින් වූයේ ‘3 වැනි රිචඩ්’ සහ ‘6 වැනි හෙන්රි’ හි කොටස් තුනකි. මෙම කෘතින් 1590 යුගයේ මුලදී ලියැවුනු එම යුගයේ මෝස්තරයක් වූ ඓතිහාසික නාට්‍ය විය. ෂේක්ස්පියර්ගේ කෘතිවල කාල නිර්ණයන් කිරීම අපහසු වී තිබේ. මේ සම්බන්ධව කෙරුණු අධ්‍යයන වලදි ‘ටයිටස් ඇන්ඩ්‍රොනික්ස්, ද කොමඩ් ඔෆ් එරර්ස්’ ‘ද ටේමිං ඔෆ් ද ෂ්රූ’ සහ ‘ටූ ජෙන්ට්ල්මන් ඔෆ් වෙරෝනා’ වැනි කෘතින්ද ෂේක්ස්පියර්ගේ මුල් කාලීන කෘති ලෙස සැලකීමට හැකිය. රෆායෙල් හොලින්ෂෙඩ්ගේ (Raphael Holinshed) එංගලන්ත, ස්කොට්ලන්ත සහ අයර්ලන්ත ඉතිහාස කථාවල 1587 සංස්කරණය ආශ්‍රයෙන් කළ ඔහුගේ පළමු ඓතිහාසික නාට්‍ය රචනා මගින් දුර්වල, දූෂිත පාලනයේ විනාශකාරි ප්‍රතිඵල නාට්‍යානූසාරයෙන් පෙන්වා දී ටියුඩර් රාජවංශයේ ආරම්භය සාධාරණීකරනය කරනු දැකිය හැක. මෙම රචනාවලට එළිසබෙත් යුගයේ අනෙකුත් නාට්‍යකරුවන්ගෙන්, විශේෂයෙන් තෝම්ස් කිඩ් සහ ක්‍රිස්ටෝෆර් මාර්ලොව්ගේ ආභාෂය ලැබුනේය. ‘ද කොමඩි ඔෆ් එරර්ස්’ (The comedy of errors) නම් කෘතිය ශාස්ත්‍රීය ආකෘතියක් මත පදනම් විය. එහෙත් ‘ටේමිංග් ඔෆ් ද ෂ්රූ’ නාට්‍යයට එවැනි මූලාශ්‍රයක් නොමැත. ඇතැම් විට ජන කථාවක් ඊට මුල් වන්නට ඇත.
ෂේක්ස්පියර්ගේ මුල් කාලීන ඉතාලි සම්ප්‍රදායේ ප්‍රහසන නාට්‍ය 1590 මැද භාගය වන විට ශ්‍රේෂඨතම ප්‍රහසනවලට වෙනස් විය. ‘අ මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම්’ නාට්‍යය අනුරාගයේ, හාස්‍යයේ, සහ සමාජයේ පහළ පෙලේ දර්ශනවල සංකලනයකි. ෂේක්ස්පියර්ගේ ඊළඟ ප්‍රහසනය වූයේ ඒ හා සමාන ‘ද මර්චන්ට් ඔෆ් වැනිස්’ කෘතියයි. එහි එළිසබත් යුගයේ දැක්මක් පිළිඹිඹු කරන, පළිගැනීමේ ආශාවෙන් පෙළෙන, මුදල් පොලියට දෙන යුදෙව්වකුගේ ස්වරූපය විදහා පෙන්වයි. එසේ වුවද වර්තමානයේ ප්‍රේක්ෂකයාට එම නාට්‍ය ජාතිවාදි එකක් ලෙස පෙනෙන්නේය. මච් ඇඩෝ එබවුට් නතිංග්, සිත් ඇදගන්නා ග්‍රාමීය පරිසර සහිත ‘ඈස් යූ ලයික් ඉට්’ සහ සතුටු උපදවන ‘ට්වෙල්ෆ්ත් නයිට්’ වැනි නාට්‍ය ෂේක්ස්පියර්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රහසන ක්‍රමය පූර්ණත්වයට පත් කරයි. සම්පූර්ණයෙන්ම පද්‍යයෙන් ලියන ලද කාව්‍යමය ‘දෙවැනි රිචඩ්’ නාට්‍යයෙන් පසු ෂේක්ස්පිර් විසින් ‘හතරවැනි හෙන්රි’ පළමු සහ දෙවැනි කොටස් සහ ‘පස් වැනි හෙන්රි’ වැනි ගද්‍ය ප්‍රහසන රචනා කරනු ලැබීය. ඔහු ඉතා නිපුන ලෙස ප්‍රහසන සහ ගැඹුරු දර්ශන වලට ද, ගද්‍ය වෙතින් පද්‍ය රචනා වෙතද මාරු වන විට ඔහුගේ චරිත වඩාත් සංකීර්ණ හා මෘදු බවට පත් වෙයි. මෙම යුගයේ ආරම්භ වන්නේද අවසාන වන්නේද ඛේදාන්ත දෙකකිනි. එනම් ‘රෝමියෝ ජුලියට්’ සහ ‘ජුලියස් සීසර්’ ගෙනි. රෝමියෝ ජුලියට් යනු ලිංගික වශයෙන් පරිණත වූ යෞවනයින්ගේ ආදරය සහ මරණය පිළිබඳ ඛේදාන්තයකි. ජුලියස් සීසර් නාට්‍යයට ශ්‍රීමත් තෝමස් නෝර්ත්ගේ පරිවර්තනයක් පාදක වී ඇත.
1600 සහ 1608 අතර කාලයේ ‘ප්‍රොබ්ලම් ප්ලේස්’ නමින් හඳුන්වනු ලැබු මෙෂර් ෆෝ මෙෂර්, ට්‍රොයිලුස් ඇන්ඩ් ක්‍රෙසිඩා සහ ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස් වෙල් කෘතින් රචනා කළේ වුවද එම යුගය ෂේක්ස්පියර්ගේ ඛේදාන්ත යුගය වශයෙන් හැඳින්වේ. එසේම ඊට කලින්ද ඛේදාන්ත ලියා තිබිනි. බොහෝ විචාරකයින් ෂේක්ස්පිර්ගේ ශ්‍රේෂ්ඨතම ඛේදාන්තයන් ඔහුගේ කලාවේ උපරිම තත්වය පෙන්වා දෙන බැව් විශ්වාස කරති. ඉහත කි කෘති වලින් පළමු වැන්නෙහි කථා නායකය‍ා වූ හැම්ලට් ගේ චරිතය ෂේක්ස්පියර්ගේ අනෙකුත් චරිත වලට වඩා බොහෝ සෙයින් සාකච්ඡාවට බඳුන් වූ චරිතයකි. විශේෂයෙන් ඔහු තනිවම කථා කරන (“To be or not to be, that is the question” ) “වුනා හෝ නොවුනා හෝ එය තමයි ප්‍රශ්නය” නමැති කොටස සම්බන්ධයෙනි. ඔතෙලෝ හීදි එහි දුෂ්ඨයා විසින් ඔතෙලෝගේ ලිංගික ඊර්ෂ්‍යාව ඔහුට ආදරය කළ ඔහුගේ අහිංසක බිරිඳ මරණයට පත් කිරිම දක්වා අවුලුවනු ලබන්නේය. ‘ලියර් රජ’ නාට්‍යයෙහි දී වියපත් රජු විසින් ඔහුගේ බලය අත් හැරීමෙන් ඔහුගේ දියණිය මැරීමට සැලැස්වීමත් ග්ලොසෙස්ටර් හි අර්ල් වරයාට වදහිංසා පමුනුවා ඔහු අන්ධ කිරීමටත් සැලැස්වීය. ෆ්රෑන්ක් කර්මෝඩ් නම් විචාරකයාට අනුව නාට්‍යයෙන් එහි හොඳ චරිත නොපෙන්වනවා සේම එහි තිබෙන කෲරත්වයෙන් කිසිදු සහනයක් ප්‍රේක්ෂකයාට ලබා නොදෙන්නේය. ෂේක්ස්පියර්ගේ සංක්ෂිප්ත ඛේදාන්ත නාට්‍යයක් වූ මැක්බත් හි මැක්බත් සහ ඔහුගේ බිරිඳ වූ මැක්බත් ආර්යාව ඔවුන්ගේ පාලනය කළ නොහැකි දැඩි ආවේගය හේතුකොට ගෙන නීත්‍යානූකූල රජු මැරීමට සළස්වා අනියම් අන්දමින් සිහසුනට පත් වූහ. පසුව ඔවුන් කළ වරද නිසාම ඔව්හු විනාශයට පත් වූහ. මෙම නාට්‍යයේ ෂේක්ස්පියර් ඛේදාන්ත ගොඩනැංවීමට අද්භූත අංගයන්ද එකතු කරයි. ඔහුගේ අවසාන ප්‍රධාන ඛේදාන්තයන් වූ ඇන්ටනී සහ ක්ලියෝපැට්රා සහ කොරියොලනුස් හි ෂේක්ස්පියර්ගේ කදිම කවි අඩංගු කර ඇත. ටී.ඇස්.එලියට් නම් කිවියා සහ විවේචකයා ඒවා ෂේක්ස්පියර්ගේ ඉතා සාර්ථක කෘතින් ලෙස පෙන්වා දී ඇත.
ඔහුගේ අන්තිම යුගයේදි ෂේක්ස්පියර් ආදරයද ඛේදාන්ත සහ ප්‍රහසන මිශ්‍ර ක්‍රමයටද හැරී තවත් ප්‍රධාන ගණයේ නාට්‍ය තුනක් නිර්මාණය කළේය. ඒවා නම් සිම්බේලින්, ද වින්ටර්ස් ටේල් සහ ද ටෙම්පෙස්ට් වෙයි. ඔහු තව දුරටත් අටවැනි හෙන්රි සහ ද ටූ නෝබල් කින්ස්මන් නම් නාට්‍ය දෙකක් ලියා ඇත. මේවා ජෝන් ෆ්ලේටර් සමග එක්ව කරන්නට ඇතැයි සිතිය හැක. ‍

පරමාණුක ව්‍යුහය සහ ඉතිහාසය


මූලද්‍රව්‍ය සමස්ථානික(isotopic) භාවිතයෙන් කළ හැකි දෑ බොහෝය. මෙයින් ගත හැකි ප්‍රධානතම කර්තව්‍යය වන්නේ න්‍යෂ්ඨික බලය(nuclear power) ලබා ගැනීමයි. විශේෂයෙන් විකිරණශීලී පරමාණුවල සමස්ථානික අස්ථායී වන නිසා ඒවා විඛණ්ඩණයෙන් න්‍යෂ්ඨික බලය ලබා ගත හැකියි. ඇත්ත වශයෙන්ම විකිරණශීලිතාවය(radiation) යනුවෙන් හැඳින්වෙන්නේ අස්ථායී න්‍යෂ්ඨියක් හෝ අංශුවක් ස්ථායී වීම උදෙසා විකිරණ නිකුත් කිරීම වුවත්, න්‍යෂ්ඨික විඛණ්ඩණයෙන් ද මෙසේ විකිරණ නිකුත් වෙනවා.
මෙසේ න්‍යෂ්ඨීන්, පරමාණු පිළිබඳ දැන් අප හොඳින් දැනුවත් වන්නේ ඈත අතීතයේ විද්‍යාඥයින් ඉතා අසීරුවෙන් කළ පරීක්‍ෂණවල ප්‍රතිඵල නිසායි. පරමාණු පිළිබඳ පරීක්‍ෂණ සහ ප්‍රකාශනවල ඉතිහාසය ග්‍රීක දාර්ශනිකයන්ගේ යුගය දක්වා ඇදී යන දීර්ඝ ඉතිහාසයක්. ඒ පිළිබඳ මුලින්ම අදහසක් පහළ කළේ ග්‍රීක දාර්ශනික ඩිමොක්‍රීටස්. නමුත් විද්‍යාත්මකව ඒ පිළිබඳ පැහැදිළි ප්‍රකාශනයක් මුලින්ම කළේ වසර 1803 දී ඉංග්‍රීසි ජාතික ජෝන් ඩෝල්ටන් විසින්.

John Doltan

ඔහු ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ඉදිරිපත් කළා. එහි ප්‍රධාන කරුණු පහක් අඩංගුයි. 1. එක් එක් මූලද්‍රව්‍යවල පරමාණු එකිනෙකට වෙනස් වේ. ඒවා අදාල මූලද්‍රව්‍ය පරමාණුවල පරමාණුක ස්කන්ධ අනුව ‍වෙන්කර හඳුනාගත හැකිය. 2. එක් මූලද්‍රව්‍යයක ඇති සියළුම පරමාණු සමාන වේ. (මෙය සමස්ථානික පිළිබඳ සංකල්පයෙන් පසුව බිඳ වැටුනි) 3. එක් මූලද්‍රව්‍යයක පරමාණු තවත් මූලද්‍රව්‍යයක පරමාණු සමග ප්‍රතික්‍රියා කර සංයෝග තනන අතර යම් සංයෝගයක අඩංගු පරමාණු ගණන එම සංයෝගයට නියතයක් වේ. 4. පරමාණු මැවීමට, හෝ කුඩා කොටස්වලට තවදුරටත් බිඳීමට, හෝ විනාශ කිරීමට නොහැක. රසායනික ප්‍රතික්‍රියාවක් මගින් ඒ ඒ පරමාණු බන්ධනය වී ඇති වටපිටාව පමණක් වෙනස් කළ හැකිය. 5. මූලද්‍රව්‍ය තැනී ඇත්තේ පරමාණු නම් වූ කුඩාම ඒකක වලිනි.
මේ පරමාණුක වාදය විද්‍යාව විෂයය නිර්දේශයේ දී එක් එක් අවස්ථාවලදී නොයෙක් අයුරින් උගන්වනවා. නමුත් එහි අන්තර්ගතය එකමයි.

විද්‍යුත් විච්ඡේදනය (electrolysis)

ඊලඟට පරමාණුව පිළිබඳ පැහැදිලි මතයක් ඉදිරිපත් වුනේ සෑහෙන කලක් ගතවෙලා, 1832 දී. මයිකල් ෆැරඩේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය සමග අනුගත නොවුවත්, ඔහු ද්‍රාවණ තුළින් විදුලිය ගමන් කිරීම හෙවත් විද්‍යුත් විච්ඡේදනය පිළිබඳ අදහස් ඉදිරිපත් කළා. එතෙක් සොයාගත් පරමාණු නිසි පරිදි වගුගත කිරීමෙන් ප්‍රථම ආවර්තිතා වගුව(periodic table) නිර්මාණය කිරීම 1869 දී දිමිත්‍රි මෙන්ඩලීව් විසින් සිදු කළා. එය පරමාණු සම්බන්ධව කරන ලද පරීක්‍ෂණයක් නොවුවත් ඔහුගේ එම නිර්මාණය ලොවට කරන ලද මහඟු උපකාරයක්. පරමාණුක ව්‍යුහය විස්තර කිරීමට අදාල සොයා ගැනීමක් වන කැතෝඩ කිරණ නලය 1879 දී ශ්‍රීමත් විලියම් කෘක්ස් විසින් සොයාගැනීම එහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එසේම ස්ටෝනී විසින් විද්‍යුතය ඍණ ආරෝපිත බව සොයාගැනීම සිදු වන්නේ 1894 දි.
1895 වසරේ දි විල්හෙල්ම් රොන්ජන් විසින් එක්ස් කිරණ (X-ray) සොයාගැනීම සිදු වන්නේ මෙම කැතෝඩ කිරණ නලය ආශ්‍රිතව කෙරෙන වැඩිදුර පර්යේෂණ හරහායි. ඔහු එය සොයාගත්තේ එම කැතෝඩ කිරණ නලයෙන් විහිදෙන කිරණ අසළ වූ රසායන ද්‍රව්‍ය දිලිසීමකට ලක්වන බව අධ්‍යයනයෙන් සහ එම රසායන ද්‍රව්‍යවලින් පිටවන කිරණ චුම්භක ක්‍ෂෙත්‍රයකදී අපගමනය නොවන බව නිරීක්‍ෂණයෙන් අනතුරුවයි. හඳුනා නොගත් මෙම කිරණ වර්ගය X-rays යනුවෙන් ඔහු හැඳින්වුවා.

X-කිරණ භාවිතයෙන් මිනිස් අතක් විනිවිද යෑම

හෙන්රි බෙකරල් මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ තවත් විද්‍යාඥයෙක්. ඔහු විසින් 1896 දි එක්ස් කිරණ පිළිබඳ පර්යේෂණ කරත්දී සොයාගත්තේ විකිරණශීලීතාවයයි. එනම් සමහර රසායන ද්‍රව්‍ය යම් යම් කිරණ වර්ග පිටකරමින් ස්වයං වියෝජනයකට ලක්වන බවයි. ඊට වසරකට පසු 1897 දි අප හොඳින් හඳුනන ජේ. ජේ. තොම්සන් විසින් කැතෝඩ කිරණ නලය භාවිතයෙන් ඉලෙක්ට්‍රෝණයක ආරෝපණ/ස්කන්ධ අනුපාතය (Charge to mass ratio) ග්‍රෑමයට කූලෝම් 1.759 x 108 ක් (1.759 x 108 C/g) බවට සොයාගත්තා. තොම්සන් තම පර්යේෂණ ආධාරයෙන් පරමාණුව තවදුරටත් බෙදිය හැකි බවට අවබෝධ කරගත්තා. මේ හරහා ඔහු ඉලෙක්ට්‍රෝණය සොයාගන්නවා. එය “Corpuscles” නමින් හැඳින්වුවත්, පසුව ඉලෙක්ට්‍රෝණය ලෙස නම් කරනු ලබනවා. මේ පරීක්‍ෂණ නිරීක්‍ෂණ ආධාරයෙන් ඔහු සිය ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරනවා.
නමුත් විකිරණශීලීතාවය හරියටම අධ්‍යයනය කර එය නම් කළේ නම් අප හොඳින් දන්නා මාරි කියුරි විසිනුයි. ඒ 1989 දි. ඇය යුරේනියම් සහ තෝරියම් ආශ්‍රයෙන් කළ පර්යේෂණ ඇසුරින් ඒ බව ඔප්පු කළා.
මේ පරමාණුව පිළිබඳ ඈත අතීතයේ සිට වසර 1900 දක්වා කරන ලද පර්යේෂණ සහ සොයාගැනීම්. මෙයින් පසුවත් බොහෝ විද්‍යාඥයින් බොහෝ දේ සොයාගත් නමුත්, අපගේ පාඩමට වැදගත් විය හැකි තොරතුරු වන්නේ මේ කරුණු පමණක් බැවින් ඒ පිළිබඳ විස්තර කිරීම පසුවට කල් තබනවා. දැන් ඔබට වැටහෙනවා ඇති පරමාණුව පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කළේ තොම්සන් වුවත්, එය කිරීමට අන් අයගේ පර්යේෂණ නිරීක්‍ෂණ කෙතරම් ආධාර වනවාද කියා.

අටමස්ථානය


දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී ලංකා‍‍වේ බූද්ධාගම පිහිටු වීමෙන් පසු මෙරට ‍බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට වඩා විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය. දීප වංශය, මහා වංහය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංහය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මිහිදු හිමියන් විසින් නම් කළ ආගමික ස්ථාන අටක් පිළිබඳ සදහන් වේ. මේවා නිවැරදි අටමස්ථානයයි.
  1. තිස්සාරාමය 
  2. භික්ෂුන් විනය කර්ම කරන කම්මාලකය 
  3. ජන්තාඝර පොකුණ 
  4. ශ්‍රී මහාබෝධීය (පිහිටන ස්ථානය) 
  5. පෝය ගෙය (ලෝවමාපාය) 
  6. සංඝයාට ලැබෙන දානය බෙදන ලහබත් ගෙය 
  7. දාන ශාලාව 
  8. රුවන්වැලි සෑය 
ශ්‍රී මහාබෝධීන් වහන්සේ

මෙය පිහිටා තියෙන්නේ මිහිඳු හිමියන් වෙනුවෙන්දෙවන පෑ තිස් රජු මහාමෙව්නාවේ කර වු තිස්සාරාමයෙය. සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරට වැඩම කරන ලද්දේ බුදුන්ට ධර්මාවබෝධයට සෙවණ දුන් ඇසතු බෝ රුකේ දකුණු ශාඛාවයි. මෙය වප් මස පුරපසලොස්වක දිනයකදි මෙරටට ගෙන ආ බව මහා වංශයේ සදහන් වේ. බෝධීන් වහන්සේ අද තිබෙන තැනට වඩා පහත බිමක මුලින් රෝපණය කර ඇතත් ක්‍රමයෙන් බැමි බැදිමාදියෙන් උස් බිමක් දක්වා වර්ධනය වී ඇත.

1907 සහ 1911 වැසි කුණාටුවකින් මෙහි ශාඛා ‍‍දෙකක් කඩා වැටිණී. 1929 උන්මත්‍තකයෙකු විසින් එක් ශාඛාවක් කපා දමන ලදි. 1985 කොටි ත්‍රස්තවාදීවන් විසින් මළුවේදි වෙඩි තබා සැදැවතියක් ඝාතනය කරන ලදි. 19 වන සියවසේදි උඩමළුවේ තිබු විශ්ණු දේවාලය ඉවත් කරන ලදි. මෙහි පළමු රන් වැට 1969 මහනුවර රාජසිංහ පුස්තකාලාධිපති යටි රාවන නාරද හිමියන්ගේ මුලික්වයෙන් මහනුවර ශ්‍රී බෝධී ආරක්ෂක රන් වැට සභාව කරවන ලදි. දෙවැනි රන් වැට රනිල් වික්‍රමසිංහ මහාතාගේ උපදෙස් පිට රන්වැට ආරක්ෂක කමිටුව මගින් 2003 කරවන ලදි.

පෝය ගෙය (ලෝවමාපාය)

ලෝවාමහාපාය හෙවත් හෙවත් ලෝහප්‍රාසාදය යනු මහා විහාරයේ පෝය ගෙයයි. දෙවන පෑතිස් රජු මෙතන භික්ෂුන් වහන්හසේට අඩමසකටවත් පැති මෝක්ෂය කියවිම සදහා පෝය ගෙයක් ඉදි කළ අතර දුටුගැමුණු රජු (ක්‍රි.පු 161-137) එය නව මහල් කරවා තඹ ලෝහ සෙවිළි කරවීය. මෙහි සැකැස්ම තව්තිසාවෙහි භරණි නම් දෙවඟනගේ ප්‍රාසාදයට සම විය. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂුන්ද දෙවැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතුන් වහන්සේලාද වැඩ සිට ඇත. වස් අවසාන කාලයේ භික්ෂුන් මෙතැනට රැස්වීමේ සිරිතක්ද පැවත ඇත. මෙය සද්ධාතිස්ස , දෙවැනි සිරිනාග , මහසෙන් , කිත්සිරිමෙවන් , මහා පැරකුම්බා ආදි රජවරැ පිළිසකර කර ඇත. මෙහි ගල්කණු 1600 ක් වේ. ලෝවාමහාපාය අසල ඇති වෙනත් ස්ථාන ලහවත්තේ, රංසිමාලකය, හා චතුශාලාව හෙවත් දාන ශාලාව පිහිටා ඇත.

රුවන්වැලි සෑය

දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර , බ්‍රහ්ම , පංච , සිඛ , කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය , ඇත් පවුර , පස් පිළිම ගෙය , සූර්ය සේවාලය , කුඩා දාගැබ , සිරි පතුල් ගල් , කඩොල් ඇතුගේ දළ , සළපතළ මළු‍වේ කවය , කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය , භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය , ගල් ටැඹ , ශිලාචේතිය , එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත.

ඉංග්‍රීසි රජයෙන් නම්කළ අටමස්ථාන

ඉංග්‍රීසින් ලංකාවේ පාලන බලය අත් කර ගැනීමෙන් පසුව බෞද්ධ වෙහෙර සතු ඉඩ කඩම් විශාල ප්‍රමානයක් රජය අයත් කර ගන්නා ලදි. 1856 ඉංග්‍රීසි රජයෙන් පත් කළ විහාර දේවාල කොමිසම මගින් නම් කළ පහත සදහන් පුජනිය ස්ථාන වර්තමාන අටමස්ථාන ලෙස ඔප්පුවක් මගින් 1872 අටමස්ථානාධිපති හිමිට භාර දෙන ලදි.

  1. අටමස්ථාන
  2. ශ්‍රී මහාබෝධිය 
  3. ලෝවාමහාපාය 
  4. ථුපාරාමය 
  5. මිරිසවැටිය 
  6. රුවන්වැලිසෑය 
  7. අභයගිරිය 
  8. ලංකාරාමය 
  9. ජේතවනය යි. 
ලෝවාමහාපාය 

ලෝවාමහාපාය හෙවත් හෙවත් ලෝහප්‍රාසාදය යනු මහා විහාරයේ පෝය ගෙයයි. දෙවන පෑතිස් රජු මෙතන භික්ෂුන් වහන්හසේට අඩමසකටවත් පැති මෝක්ෂය කියවිම සදහා පෝය ගෙයක් ඉදි කළ අතර දුටුගැමුණු රජු (ක්‍රි.පු 161-137) එය නව මහල් කරවා තඹ ලෝහ සෙවිළි කරවීය. මෙහි සැකැස්ම තව්තිසාවෙහි භරණි නම් දෙවඟනගේ ප්‍රාසාදයට සම විය. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂුන්ද දෙවැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතුන් වහන්සේලාද වැඩ සිට ඇත. වස් අවසාන කාලයේ භික්ෂුන් මෙතැනට රැස්වීමේ සිරිතක්ද පැවත ඇත. මෙය සද්ධාතිස්ස , දෙවැනි සිරිනාග , මහසෙන් , කිත්සිරිමෙවන් , මහා පැරකුම්බා ආදි රජවරැ පිළිසකර කර ඇත. මෙහි ගල්කණු 1600 ක් වේ. ලෝවාමහාපාය අසල ඇති වෙනත් ස්ථාන ලහවත්තේ, රංසිමාලකය, හා චතුශාලාව හෙවත් දාන ශාලාව පිහිටා ඇත.

ථුපාරාමය 

මිහිඳු හිමියන් වැඩම කිරිමෙන් පසු දෙවන පෑතිස් රජතුමා කර වු පළමු ස්ථුපය මෙයයි. මෙහි නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුවයි. මෙම නිදන් කිරිමත් සමඟ ධාතු වන්දනාව මෙරට ඇරඹුණී. ප්‍රථම චේතිය නිසා පඨමය චේතිය නම් වේ. සරාම්භයේදි ස්ථුපය ධන්‍යාකාර යුක්ත වුවද 1864 ප්‍රතිසංස්කරණවලින් පසු ඝණ්ඨාකාර හැඩය ගෙන ඇත. මේ ආශ්‍රිත කැටයම් හා වෙනත් ස්ථානද එනම් , ඇත් පොකුන , බෝධිඝරය , පිළිමගෙය , පදලස , චේතිය , දානශාලාව හා මෙහෙණි ආරාමයක්ද දක්නට ඇත.

මිරිසවැටිය

මෙය දුටු ගැමුණු රජු ඉදි කර වන ලදි. මහා වංශයේ සදහන් වන්නේ රජු භිකෂූන්ට නොදි මිරිස් මාළුවක් කෑ නිසා මිරිසවැටිය වන බවයි. පැරණියේ මෙහි සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයක් පමණක් යුක්ත වුවද පසු කාලයක ඒ වෙනුවට දේවතා කොටුව හා කොත්කැරැල්ල එක් කර ඇත. සෝළීන් මෙය කඩා දැමිමෙන් පසු මහ පැරකුම්බාවන් මෙය නැවත ඉදි කරවා ඇත. ලංකාවේ ශිලා කැටයම් අතර ඉතාමත් කලාත්මක ශිලා කැටයම් මෙහි දක්නට ලැබේ.

අභයගිරි දාගැබ 

මෙය පැරණි ඉන්දියාවේ නාලන්දා , ජගන්දලා , වික්‍රමශීලා වැනි ‍බෞද්ධ ආගමික විශ්ව විද්‍යාල ගනයට ඇතුල් කළ හැකිය.මෙහි රත්නප්‍රාසාදය දිව්‍ය විමානයක් බදු වූ බව කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපිය දක්වයි. කලා නිර්මාණ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල් සඳකඩපහණ , කුට්ටම් පොකුණ , සමාධි බුදු පිළිමය ආදිය මෙහි පිහිටා ඇත.

ජේතවන විහාරය 

ලංකාවේ අභයගිරිය දෙවැනි බෞද්ධ නිකාය වන අතර ජේතවනය තෙවැනි නිකාය වේ. මහසෙන් රජු මෙය කර වන ලද්දකි. ජේතවනය ජෝතිය නම් භූමියේ ඉදි කර ඇති අතර මෙයින් ඇරඹුණ නිකාය භාගලික නිකාය සේද හදුන්වයි. ජේතවන ස්ථූපය අනුරාධපුර මහ සෑ තුනෙන් එකකි. බෝධිඝරය , පිළිම ගේ ,පොහොය ගෙය , දාන ශාලාවක් ද මෙහි පිහිටා ඇත.

ලංකාරාමය 

පෙර මෙය අභයගිරියට අයත් ආරාමයක් වූ අතර වටදා ගෙයක් හා වෙනම දාගැබක්ද විය. මෙය පූරාණයේ මණීථූපාරාමය , මණීසෝමාරාමය ආදි නම් වලින් හැදින් වූ බව මහා වංශය බෝධි වංශ ගැට පදයේ සදහන් වේ. වළගම්බා රජු සෝමා දේවිය වෙනුවෙන් කළ සෝමාරාමයද මෙයම බව සදහන් වේ. වර්තවාන ප්‍රතිසංස්කරණයේ දී ස්ථූපයේ විශ්කම්භය අඩි 38ක් වන අතර ස්ථූපයේ පැරණි හැඩයද වෙනස් වී ඇත.

නැනෝ තාක්ෂණය

DNA නැනෝ තාක්ෂණය

DNA නැනෝ තාක්ෂණය යනු නැනෝ තාක්ෂණයේ උප අංශයක් වන අතර එහි දී DNA හා අනෙකුත් න්‍යෂ්ටික අම්ලවල ආවේණික අණු හඳුනාගැනීමේ ගුණ යොදා ගෙන DNA මඟින් නව, පාලනය කළ හැකි ව්‍යුහ නිර්මාණය කරනු ලැබේ. එමනිසා DNA ජෛව නැනෝ තාක්ෂණයට උදාහරණයක් බවට පත් කරමින් ජෛව තොරතුරු වාහකයක් ලෙස නොව ව්‍යුහාත්මක ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරයි. මෙයට අණු ස්ව එකලස් වීමේ හා DNA පරිගණනයේ යෙදීම් ඇත.


බාහු හතර සන්ධියේ ව්‍යුහය.

වම - ක්‍රමානුරූප දකුණ - වඩාත් ප්‍රායෝගික ආකෘතියක් එකිනෙකට වෙන් වූ තනි DNA පොට හතර එකිනෙකට වෙනස් වර්ණවලින් දක්වා ඇත.

ද්විත්ව හරස්මාරු (DX) අණුවක්. මෙම අණුව තනි DNA පොට පහකින් යුක්ත වන අතර එමඟින් සමාන්තර නොවන ද්විත්ව හෙලික්සීය වසම් දෙකක් ඇති කරයි. ඒවා රූපයෙහි වමේ හා දකුණේ දැක්වේ. එහි හරස් මාරු ලක්ෂ්‍ය දෙකක් පවතින අතර ඒවායේ දී පොටවල් එක් වසමක සිට අනෙක් වසමට මාරු වේ. 2004 මා‍ඕ ගෙන් ගත් රූපයක්.
DNA නැනෝ තාක්ෂණය ‍ප්‍රයෝජනවත් ගුණවලින් යුක්තව DNA සංකීර්ණ සෑදීම සඳහා අතු බෙදුනු DNA ව්‍යුහ භාවිතා කරයි. සාමාන්‍යයෙන් DNA ‍රේඛීය අණුවකි. එහි අක්ෂය අතු නොබෙදී පවතී. කෙසේ නමුත් සන්ධි සහිත වන පරිදි DNA අණු ද නිපදවිය හැක. උදාහරණ ලෙස එකිනෙකට අභිලම්භ නිවැරදි රටාවේ ඇති තනි DNA පටවල් 4කින් සිව් බාහු සන්ධියක් තැනිය හැක. වොට්සන් ක්‍රීක් පාදම් යුගලනය නිසා ඩියුප්ලෙක්ස් DNA තැනීම සඳහා පොටෙහි එකිනෙකට අභිලම්භ කොටස් පමණක් එකිනෙකට සම්බන්ධ වේ. මෙම සිව් බාහු සන්ධිය හොලිඩේ සන්ධියක ස්ථිර ආකාරයකි.
වඩා සංකීර්ණ අණුවල දී ද සන්ධි භාවිතා කළ හැක. මෙයින් වඩාත් වැදගත් වන්නේ ද්විත්ව හරස් මාරු හෝ DX මාතිකාවයි. මෙහි දී සාමාන්තර නොවන DNA ඩිය‍ුප්ලෙක්ස් 2ක් එකිනෙකට ආසන්නයෙන් පවතින අතර පටක් එක් ඩියුප්ලෙක්ස් එකක සිට අනෙකකට මාරු වන සන්ධි ලක්ෂ්‍ය දෙකක් හුවමාරුවේ තබා ගනී. මෙම අණුවේ දී හරස් බාහු සන්ධියක දී මෙන්ම සුනම්‍ය වන ආකාරයකට සන්ධි ස්ථාන හැඩ ගැසීම වාසියක් වේ. මෙමඟින් වඩා විශාල DNA සංකීර්ණ සඳහා සුදුසු ව්‍යුහාත්මක තැනුම් ඒකකයක් බවට DX මාතිකය පත් වේ.

නැනෝ සංයෝග

මෙයට ඉතාකුඩා පරිමාණයේ ව්‍යුහ ඇති විශේෂ ගුණ සහිත අංශු වල ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අධ්‍යයනය ඇතුලත් වේ.
අන්තර්කලාප හා කලිලමය විද්‍යාව නැනෝ තාක්ෂණය ය‍ටතේ බොහෝ අංශු වල ගැන එන්ම C (nano fuhes) හා අනෙකුත් කුඩා දිලිසෙන අංශු වල ගුණ අධ්‍යයනය කළ හැක.
ඉතා කුඩා පරිමාණයේ අංශු සාමාත්යිත යෙදුම් සදහා එනම් වාණ්ජමය ප්‍රයෝජන සදහා බහුලව යොදා ගනී.
නැනෝ වෛද්‍ය විද්‍යාව යටතේ මෙවැනි ක්ෂුද්‍ර අංශු වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා ආකාරය සලකා බලයි. පතුලේ සිට ක්‍රමයෙන් සකස්වීමේ ක්‍රමය (Bottom up approachs) මෙහිදී කුඩා සංයෝග සංකීර්ණ සංයෝග දක්වා සකස් වීම සලකා බලයි.
DNA නැනෝ පරීක්ෂණය මෙහිදී වොට්සන් හා ක්‍රික්‍ගේ DNA වල ද්විත්ව පොලික්සිය ව්‍යුහයේ භෂ්ම යුගල සකස්විම හා අනෙකුත් න්‍යෂ්ටික අමිල වන ව්‍යුහයේ විශේෂතා සලකා බලයි.
අණුවල විවිධ හැඩයන්ගෙන් යුත් සජයෝග රසායනිකව නිෂ්පාදනය කිරිම සදහා පිවිසිම.
අණු තනිව හෝ කිහිපයක් එකතු වී සකස් වීම උසස් අණුක රාසයනික විද්‍යාව යන සංකල්පය යටතේ හැදෑරිය යුතු අතර එමගින් අණුවල සකස්විම සම්බන්ධ විශේෂ තෝරතුරැ හදුනා ගත හැක.
නිනිති තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂන සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්ද‍ර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හ‍රහා සිදු වීමට යන දියුණුව.
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.

නිනිති[Nano] තාක්ෂණයේ භාවිතයන් කිහිපයක්.

නැනෝ නාල [Nano Tubes]

1991 දී ජපන් විද්‍යාඥයෙකු විසින් සොයා ගැණුනු කාබන් නැනෝ නාල, දැන් විවිධ පරීක්ෂණ සඳහා මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙයි.

නැනෝ පෙරණ

මෙතෙක් කල් භාවිත කරන ලද පෙරහන් හරහා කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට සංසරණය විය හැකිය, නමුත් මෙම නිනිති පෙරහණ්, කිසිදු ජීවියෙකුට යා නොහැකි පරිදි සකසා ඇත. මෑතකදී මහත් ආන්දෝලනයට පාත්‍ර වූ "සාස්" වයිරසය ශරීර ගතවූ රෝගීන් පරික්ෂාවේදී වෛද්‍ය කණ්ඩායම් මෙවැනි නැනෝ පෙරහන් භාවිතා කළහ.

නැනෝ උයනක්


ලොව නවතම තාක්ෂණය වන නිනිති (නැනෝ) තාක්ෂණය අප රටට හඳුන්වා දී එමගින් අපේ සියලු ක්‍ෂේත‍්‍රවල විද්‍යාත්මක සංවර්ධනයක් ඇති කිරීම පිණිස අලුත් අවුරුද්දේ හෝමාගම පිටිපන ප‍්‍රදේශයේ දී අක්කර 50 ක නිනිති තාක්ෂණ උද්‍යානයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇතැයි විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් අනිර අමරතුංග මහතා පවසයි.
අද ලෝකයේ පස්වැනි කාර්මික විප්ලවය ඇති වී ඇති බව ද එහි මූලික අරමුණ නිනිති තාක්‍ෂණයෙන් ලොව දියුණු කිරීම බව ද ලේකම්වරයා කීය. විවිධ ද්‍රව්‍යවල මූලික කැනුම් ඒකකය වන පරමාණුවේ අන්තර්ගත නියුටෙ‍්‍ර¤නවලට විශාල බලයක් දී අරුම පුදුම සියුම් වැඩ කටයුතු සිදු කළ හැකි සියුම් තාක්‍ෂණයක් ලෙස නිනිති තාක්ෂණය හැඳින්විය හැකි බවත් නිනිති තාක්‍ෂණය මගින් රට දියුණු කිරීම පිණිස ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ගේ ඉල්ලීම පරිදි පිටරට සරසවිවල සිංහල මහාචාර්යවරු කිහිප දෙනෙකු ම අපේ රටට පැමිණ සිටින බවත් ලේකම්වරයා කියයි.
ඒ අනුව දැනටමත් එක්සත් රාජධානියේ සරේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවි සිල්වා, අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා පොලිටෙක්නික් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රේ ප‍්‍රනාන්දු, කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගිහාන් අමරතුංග, එක්සත් රාජධානියේ කේවින්ස් සරසවියේ මහාචාර්ය ඒ. පී. ද සිල්වා එසේ ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින විදේශ මහාචාර්යවරු අතර සිටිති. මීට අමතරව දේශීය මහාචාර්යවරු ගණනාවක් ම මේ සඳහා උදව් දෙති.

කෂය රෝගය හඳුනා ගැනීම ට නැනෝ තාක්ෂණය

කෂය රෝගය ලෙඩෙක් තුල සොයා ගැනීම ලේසි පහසු නොවේ. පෙනහැල්ලේ ඇතිවූ විට එය පහසුවෙන් බෝවේ. වමාරා ගන්න් කෙළ අන්වීක්ෂයකින් සෝදිසි කොට ඉන් පසුව, තවමත් සැක සහිත නම්, රසායනාගාරයක විශේෂ මාධ්‍යයක උන්‍ වැඩීමට සැලසිය යුතුවේ. මෙසේ හරියටම සැක රහිතව දැන ගැනීම ට සති කිපයක් ගතවිය හැකිය.

නමුත් හැවර්ඩ් වෙද විදුහලේ කෙනෙක්, නැනෝ තාක්ෂණය යොදවා, පැය හමාරකින් විනිශ්චය කල හැකි ක්‍රමයක් සොයාගෙන ඇත. රෝගියාගේ කෙළ සමග මෙම නැනෝ අංශු මිශ්‍ර කොට, එම මිශ්‍රනය විශේෂ පරිගනක චිප් එකක් යොදා "පෙරා" ගෙන, චුම්බක ස්කැනරයකින් හදුනා ගනු ලැබේ. මෙම නැනෝ අංශු සමග කෂය රෝගයට ප්‍රතිශක්ති අංශු (antibodies) යකඩ අංශු සමග දවටා ඇත. එනිසා කෙළ සමග මිශ්‍ර කල වහාම, කෂය රෝග විශබීජ ඒ නැනෝ අංශු සමග බැඳෙයි.


දෙහාන් විතාන
dehan.vithana@yahoo.com


 
Free Host | lasik surgery new york